සාධාරණ සමාජේ කට්ටිය රිළව් වගේ - ඩිලාන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 25, 2016

සාධාරණ සමාජේ කට්ටිය රිළව් වගේ - ඩිලාන්


පෙරේදා (23දා) බදුල්ලේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙසේ පැවැසීය.
‘සාධාරණ සමාජයක්ද මොකක්ද අටවගත්තු මහාචාර්යවරු ජීවිතේට ගම්වලට ඇවිල්ලත් නෑ. දන්න මඟුලකුත් නෑ. හැබැයි නියෝජනය කරන්නෙ නම් සිවිල් සමාජය.
පිටරට සල්ලි අරගෙන හැන්දෑවට මේ අය කෑගහනව

.ඔය බෙරිහන් දෙන, කෑගහන මහාචාර්යතුමාලට හමුදාවෙ බුද්ධි අංශ ලොක්කට අවමන් කරන්න තියෙන අයිතිය මොකක්ද? ජනාධිපතිවරයාට ඒගොල්ල කියනවා "නෑ නෑ නෑ ඔයාව රටේ ජනාධිපති කරන්න වැඩ කළේ අපි. ඒ නිසා අපේ විතරයි ජනපති" කියලා.
අර ඔරන්ඔටන්ලට තද වෙලා ටී.වී. එක බදාගෙන කෑගහනවා. මම නම් ඒක හින්දා ඒ ඔරන් ඔටන්ලට කිව්වා "හලෝ..., මේ නිකන් රිළව් වගේ උඩ පනින්න එපා. නරි වගේ හූ කියන්න එපා. හරක් වගේ දඟලන්න එපා. කරුණාකරල මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කතා කරපු එකේ හරය තේරුම් අරගෙන කතා කරන්න" කියලා.
ඔය "සාධාරණ සමාජයක්" කියන ගොඩේ ඉන්නවා මැතිවරණ තරග කරල පරාද වෙච්ච අය. තව හාදයෙක් ඉන්නවා එයාගෙ රස්සාව හෙද වෘත්තිය. හැබැයි හෙද වෘත්තිය හැර අනෙක් හැමදේම එයා කරනවා.‘

No comments:

Post a Comment

Post Bottom Ad