අයවැය ගැන තීරණාත්මක කමිටු සාකච්ඡාවක් අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 25, 2016

අයවැය ගැන තීරණාත්මක කමිටු සාකච්ඡාවක් අද

අයවැය ගැන තීරණාත්මක කමිටු සාකච්ඡාවක් අද

2017 අයවැය සම්බන්ධයෙන් තීරණාත්මක ඇමති කමිටු සාකච්ඡාවක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදී අද (25) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

මේ සඳහා එක්සත් ජාතික පක්ෂ අයවැය කමිටුව මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයවැය කමිටුව ද සහභාගීවීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිටත් සිය අයවැය යෝජනා අඩංගු ලියවිල්ල මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත බාරදී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අද දිනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් එළඹෙන මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad