ඉල්ලීම් දිනාගැනීමට ලාල්කාන්ත අලුත් අරගලයකට සැරසෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 26, 2016

ඉල්ලීම් දිනාගැනීමට ලාල්කාන්ත අලුත් අරගලයකට සැරසෙයි (VIDEO)

ඉල්ලීම් දිනාගැනීමට ලාල්කාන්ත අලුත් අරගලයකට සැරසෙයි (VIDEO)

වතු කම්කරුවන් වෙනුවෙන් පැය 08ක සේවයක් ඇතුලු ඉල්ලීම් ගණනාවක් දිනාගැනීම සඳහා ඉදිරියේදී අරගල ක්‍රියාත්මක කරන බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) හැටන් ප්‍රදේශයේ පැවති සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ 10වන සම්මේලනයට එක්වෙමිනි. 

එහිදී අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා,"වර්තමාන යහපාලන ආණ්ඩුවට කියන්න ඕන පැය අටක වැඩ දිනයක් වතු කම්කරුවන්ට ලබාදීපල්ලා කියලා. තොණ්ඩමන්ට ඇහෙනවා කියලා ඕගොල්ල හිතනවාද? මනෝ ගනේෂන්ට ඇහෙනවා කියලා හිතනවාද? එහෙනම් මෙච්චරකල් කියපුවා ඇහිලා ඇහිලා මුන්ගේ කන් පැලෙන්න ඕන. මෙතෙක් කල් මේ රට පාලනය කරපු අයට වතු ජනතාවට නායකත්වය දීපු, තොණ්ඩමන්ලා ඇතුලූ මේ වෘත්තිය සමිතිවලට අපි දේශපාලනිකව කණ පැලෙන්න දැන් ගහන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. මේ ලක්ෂ දෙකක් වෙච්ච වතු කම්කරුවෝ ඉන්නෙ බෙදිලා. වෙන්වෙලා. එහෙනම් අපේ අරමුණ මොකක්ද? මේ ටික එකතැනකට ශක්තිමත්ව පෙළ ගස්වන එක. පෙළගස්වපු දවසට තමයි අපි මේ අයට කණ පැලෙන්න ගැහුවා වෙන්නේ. එදාට අපිට දිනන්න පුළුවන්. අරලියගහ මන්දිරය වටකරන්න කලින් ඉල්ලීම් සමඟ සාමූහික ගිවිසුම වහාම අත්සන් කරපල්ලා."යි පැවසීය.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad