පසුගියදා අත්සන් කරනු ලැබූ පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ගිවිසුම නීත්‍යානුකූල නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව කියාසිටියේ අද (18) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, " පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ගිවිසුම නීත්‍යානුකූල නැහැ. මොකද, අපේ රටේ මහ මුහුද ගොඩකිරීම සඳහා නීති සකස් කර නැහැ. ඒ වගේම එම ව්‍යාපෘතිය මගින් සිදුවන පාරිසරික ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ අධිකාරියේ පනතට අනුව පැහැදිලි කොට තිබෙනවා.
ඒ වගේම එම ව්‍යාපෘතිය මූල්‍යමය වශයෙන් අපේ රටට හිතකර නැහැ. මුහුද ගොඩ කිරීමෙන් ලැබෙන ඉඩම බෙදා ගැනීමේදී ආණ්ඩුවට අවාසියක් අත්වෙනවා. ඒවගේම මෙම බිම් කොටස පාලනය වෙන්නේ ශ්‍රී ලංකා රජයෙනද කියන එකත් ගැටළු සහගතයි. අපේ රටේ ඕනෑම බිම් කොටසක් නගර සභාවක හෝ පළාත් පාලන ආයතනයකට යටත්විය යුතුව තිබෙනවා.
නමුත් මෙම බිම් කොටස පාලනය සඳහා වෙනම සංස්ථාවක් ස්ථාපිත කරනවා. ඒනිසා එය අපේ රටේ ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. මේ සියලුම කරුණු ගත්තාම පෝර්ට් සිටි ව්‍යාපෘතිය අපේ රටට අහිතකරයි"යනුවෙන් පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ පොර්ට් සිටි ව්‍යාපෘතිය මඟින් සැණකෙලි නගරයක් ඇති කරනවාද මූල්‍ය නගරයක් ඇති කරනවාද යන්න නොව එහි කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති වීමත් ඉන් පාරිසරික ගැටළු සහ මූල්‍යමය අවාසි ඇතිවීමත් යන කාරණා හේතුවෙන් තමන් ඇතුළු පිරිස එයට විරෝධය දක්වන බවයි.

No comments:
Post a Comment