කිසිවකු නිවෙසේ නොමැති අවස්ථාවක ළාබාල පෙම්වතිය මුණ ගැසී ඇය සමඟ පෙම්සුව විඳ අමතක වී ගිය පාවහන් යුගලක්, ජංගම දුරකතනයක් සහ මුදල් පසුම්බියක් නිසා පොලිස් අත්අඩංගුවට පත්වීමට තරුණයකුට සිදුවී ඇත.පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ පුත්තලම පොලිස් වසමේ මාම්පූරි, දළුව, නිර්මලපුර පදිංචි 17 හැවිරිදි තරුණයෙකි.
අත්අඩංගුවට ගෙන ඇති තරුණයා තම නිවෙසට ආසන්න නිවෙසක පදිංචිව සිටින 14 හැවිරිදි පාසල් සිසුවියක සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත. දැරිය තම විවාහක වැඩිමහල් සහෝදරියගේ භාරයේ සිටිමින් පාසල් ගොස් ඇත.
පසුගිය 11 වැනිදා වැඩිමහල් සහෝදරිය අවශ්‍යතාවක් සඳහා කොළඹ ගොස් ඇත. ඒ තම නැඟණියව අසල්වාසී කාන්තාවකගේ භාරයට පත් කරමිනි. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඇති සැකකාර පෙම්වතා තම පෙම්වතියගේ නිවෙසට ඇතුළු වී ඇය සමඟ හිතේ හැටියට පෙම්සුව විඳ පිටත්ව ගොස් ඇත්තේ තම මුදල් පසුම්බිය, ජංගම දුරකතනය සහ පාවහන් යුගලද පෙම්වතියගේ නිවෙසේ දමාය.
කොළඹ ගොස් සිටි වැඩිමහල් සහෝදරිය නිවෙසට පැමිණි අවස්ථාවේදී තම නිවෙසේ ඇති ආගන්තුක දෑ දැක ඒවා නැඟණියගේ පෙම්වතාට අයත් ඒවා බවට හඳුනාගෙන නැඟණියගෙන් ඒ සම්බන්ධයෙන් විමසා ඇත. නමුත් නැඟණිය කිසිවක් පවසා නැත.
පසුගිය 14 වැනිදා තම ලොකු අම්මාගේ නිවෙසට ගොස් ඇති නැඟණිය පෙම්වතා විසින් තමන්ට කළ අපරාධය සම්බන්ධයෙන් වූ සියලු තතු හෙළිකර ඇත. වැඩිමහල් සහෝදරිය නිවෙසේ නැති විට පැමිණි පෙම්වතා තමන්ව අපහරණයට ලක් කළ බවද ඇය ලොකු අම්මා සමඟ පවසා ඇත. පසුව ලොකු අම්මා විසින් මේ බව අතවරයට පත්ව ඇති දැරියගේ සහෝදරිය සමඟ පවසා ඇත.
පසුව අතවරයට පත්ව ඇති බව කියන දැරියගේ සහෝදරිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. දැරියගේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
Thursday, August 18, 2016
බාල වයස් පෙම්වතිය සමග පෙම්සුව වින්ද තරුණයෙකුට අමතක වීම නිසා පෙරළුණු බාල්දිය
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment