ස්ටාලින්ගෙන් ඌව මහ ඇමතිට චෝදනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 27, 2016

ස්ටාලින්ගෙන් ඌව මහ ඇමතිට චෝදනා

ස්ටාලින්ගෙන් ඌව මහ ඇමතිට චෝදනා

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය, චාමර සම්පත් දසනායක මහතා ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට පටහැණිව ගුරු මාරු සිදු කරන බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එහි ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ මෙම තත්ත්වය හේතුවෙන් බරපතළ ගුරු හිඟයක් මතුවීමේ අවදානමක් ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියාසිටියේ තම පළාත තුළ ගුරු තුලනය නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා දේශපාලන භේදයෙන් තොරව තමා විසින් එම ක්‍රියාමාර්ගය සිදු කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad