මුල්ගල තැබීමට ආරාධනා නොලැබීමෙන් මන්ත්‍රීවරයෙක් කෝපවෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 1, 2016

මුල්ගල තැබීමට ආරාධනා නොලැබීමෙන් මන්ත්‍රීවරයෙක් කෝපවෙයි (VIDEO)

මුල්ගල තැබීමට ආරාධනා නොලැබීමෙන් මන්ත්‍රීවරයෙක් කෝපවෙයි (VIDEO)
බණ්ඩාරවෙල හාපත්ගමුව ගම්මානයට නව පාලමක් ඉදිකිරීම වෙනුවෙන් ඊයේ (30) පැවත්වීමට තිබූ මුල්ගල තැබීමේ උත්සවයක් තාවකාලිකව නතර කිරීමට සිදුව තිබේ.

ඒ, ඊයේ පෙරවරුවේ එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඊට විරෝධය පළ කිරීම හේතුවෙනි. මෙම හාපත්ගමුව ගම්මානයේ ඇති සපත්තු පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි.

ඊයේ එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඊට විරෝධය පළකළේ තමන් සහභාගී කර නොගනිමින් අදාළ මුල්ගල තැබීමේ උත්සවය සංවිධානය කර තිබීම සම්බන්ධයෙනි. 

එහිදී මන්ත්‍රීවරයා තම අනුගාමිකයින්ට ද එම ස්ථානයේම සැරසිලි සිදුකරන ලෙසට උපදෙස් දී ඇති අතර පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට දුරකතනයෙන් කතාකොට තමන් විසින් සංවිධානය කරන මුල්ගල තැබීමේ උත්සවයට සහභාගීවීමට එන ලෙස ආරාධනා කර තිබේ.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad