'දැන් බලය තියෙනවා මොළය නැහැ' - සුනිල් හඳුන්හෙත්ති (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 27, 2016

'දැන් බලය තියෙනවා මොළය නැහැ' - සුනිල් හඳුන්හෙත්ති (VIDEO)

'දැන් බලය තියෙනවා මොළය නැහැ' - සුනිල් හඳුන්හෙත්ති (VIDEO)
වර්තමාන ආණ්ඩුවට බලය තිබුණ ද මොළය නැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්හෙත්ති මහතා ප්‍රකාශ කරයි.

මේ වනවිට රටේ විරැකියාව උත්සන්නව ඇති බවත් මේ ආණ්ඩුව ද රාජ්‍ය ආයතනවලට ඇමතිවරුන්ගේ ලැයිස්තුවලින් රැකියාවන් ලබාදෙන බවත් ඒ අනුව ඔවුන් ද බලය ලැබුණු පසු මොළයෙන් කටයුතු නොකරන බවත් ඒ මහතා කියාසිටී.

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (26) පස්වරුවේ රිදීගම, කවිසිගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවක දීය. එහිදී අදහස් දැක්වූ සුනිල් හඳුන්හෙත්ති මහතා, "දැන් ඉන්නවා ඇමති උපදේශකලා. ලක්ෂ්මන් කිරිඇල්ලට ඉන්නවා උපදේශකයෝ අනූ හතරක්. එයා කියනවා මට අනු හතරක් හිටියම මොකද කලින් ආණ්ඩුවේ එකසිය ගාණක් හිටියා කියලා. 

එකසිය ගණන් හිටිය එක වැරදියි කියලා නේද මේ ආණ්ඩුවට බලය දුන්නේ. දැන් වෙලා තියෙන්නේ මොකක්ද, බලය තියෙනවා මොළය නෑ"යි පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙරට ජනතාව දේශපාලනඥයින්ට ජන වරමක් ලබාදී ඇත්තේ  වංචාවට හා දූෂණයට එරෙහිවීමට මිස ඊට පක්ෂ වීමට නොවන බවයි.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad