ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 28, 2016

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අද

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අද
ඒකාබද්ධ විපක්ෂය විසින් ආරම්භ කිරීමට නියමිත 'ජන සටන' පාද යාත්‍රාව අද (28) පෙරවරුවේ දී මහනුවර ගැටඹේ පන්සල අසලින් අාරම්භ කිරීමට නියමිතය.

මහනුවර නගරයෙන් ආරම්භ කිරීමට තිබූ පාද යාත්‍රාව ගැටඹේ පන්සල අසලින් ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ ඊයේ (27) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුවයි. අධිකරණයෙන් එම නියෝගය ලබාදුන්නේ මහනුවර පොලීසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි.

ඒකාබද්ධ විපක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය විසින් එකම දිනයේ ජන හමු දෙකක් සංවිධානය කර තිබූ අතර පොලිසිය මහේස්ත්‍රාත්වරයා හමුවේ කියාසිටියේ ඒ හේතුවෙන් මහජනයාට පීඩාවක් මෙන්ම ඔවුන් අතර ගැටුම් ද ඇති විය හැකි බැවින් පාද යාත්‍රාව අත්හිටුවන ලෙස නියෝගයක් කරන ලෙසටයි. ඒ අනුව මහනුවර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන මහනුවර නගරයෙන් බැහැරව සිදුකළ යුතු බවටයි.

No comments:

Post a Comment

Post Bottom Ad