පාද යාත්‍රාවට කිරිඇල්ගෙන් ගුටිබැට.. මයන්තගෙන් ජාපාල, අත්තන ඇට සිසිල් බීම දන්සැල් සූදානම් කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 28, 2016

පාද යාත්‍රාවට කිරිඇල්ගෙන් ගුටිබැට.. මයන්තගෙන් ජාපාල, අත්තන ඇට සිසිල් බීම දන්සැල් සූදානම් කෙරේ..

මහනුවරන් ආරම්භවීමට නියමිත ජන සටන පාද යාත්‍රාවට සහභාගීවන පෙළපාලිකරුවන් සමග ගැටඹ ප්‍රදේශයේදී ගැටුමක් හදා ගැනීමට ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයා සැලසුම් කොට ඇති බව වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය පුළුල් කිරිමේ වැඩසටහනකට සහභාගීවන සාමාජිකයන් එම ගැටුමට යොමු කිරීමට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ කණ්ඩායමක් යොදවා ඇති බවට සාක්ෂි අප වෙත ලැබී ඇත.

ඒ අතර මයන්ත දිසානායක මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් තවත් වැඩ දෙකක් සැලසුම් කොට ඇති බවට තොරතුරු ලැබී ඇත. පළමු වැන්න කඩුගන්නාව සුනිල් එස්. අබේසුන්දර ක්‍රීඩාංගණයේ නවතා තබන බස් කිහිපයක පිරවූ සෙනග පාරට ගෙන ඒ මගින් ගැටුමක් නිර්මාණය කිරීමයි.

දෙවැන්න මිත්‍රශිලී සංග්‍රහ කිරිමේ මුවාවෙන් පෙළපාලිකරුවන්ට අත්තන සහ ජාපාල වැනි ඹෟෂධ මිශ්‍රකල සිසිල් පැන් පානය කිරීමට සැලැස්වීමයි. අත්තන ඇට වලින් මානසික අවුල් ඇතිකරන අතර ජාපාල වලින් බඩ බුරුල්වීම ඇති කරන බව වෛද්‍යවරු පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad