ජර්මනිය වසර 58කට පසු ප්‍රංශයට පරදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 8, 2016

ජර්මනිය වසර 58කට පසු ප්‍රංශයට පරදී

ලෝක ශූර ජර්මනිය පරාජය කරමින් යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක ප‍්‍රංශය සමත් වුණා. අවසන් පූර්ව තරගය ඔවුන් ජය ගත්තේ ගෝල දෙකට බින්දුවක් ලෙසයි.

ප‍්‍රංශය ප‍්‍රධාන පාපන්දු තරාවලියකදී ප‍්‍රබල ජර්මනිය පරාජය කළේ වසර 58කට පසුව වීමද විශේෂත්වයක්. ඔවුන් මීට පෙර ජර්මනියට එරෙහිව ජයග‍්‍රහණයක් වාර්තා කළේ 1958 වසරේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදීයි.

යුරෝ කුසලාන පාපන්දු තරගාවලියක, ප‍්‍රංශය අවසන් තරගයකට පිවිසියේ වසර 16කට පසුව වීමද තවත් විශේෂත්වයක්. ඔවුන් මීට පෙර 1984 සහ 2000යන වර්ෂවල යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරයන් බවට පත් වුණා.

ප‍්‍රංශ පාපන්දු කණ්ඩායම ඊයේ ලද ජයග‍්‍රහණය එරට පාපන්දු ලෝලීන් විසින් වීථි බැස සමරනු ලැබුවා. යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය පෘතුගාලය සහ ප‍්‍රංශය අතර ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.





No comments:

Post a Comment

Post Bottom Ad