මහේන්ද්‍රන්ට බැඳුම්කර මගඩිය කරන්න කිවුවේ අගමැති රනිල්.. COPE කමිටුවට මහ බැංකු ලොක්කෝ සාක්‍ෂි දෙති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 8, 2016

මහේන්ද්‍රන්ට බැඳුම්කර මගඩිය කරන්න කිවුවේ අගමැති රනිල්.. COPE කමිටුවට මහ බැංකු ලොක්කෝ සාක්‍ෂි දෙති..

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටියදී පෞද්ගලික අංශයට බැදුම්කර යොමු කරනු ලැබුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් ලබා දුන් උපදෙස් මත යයි මහේන්ද්‍රන් මහතා ප‍්‍රකාශ කයේ යයි කෝප් කමිටුව හමුවේ ඊයේ දිනයේ මහ බැංකු නිලධාරීන් ප‍්‍රකාශ කර ඇත.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවද මේ ගනුදෙනුව ගැන අනතුරු අගවා තිබියදී මහ බැංකු අධිපතිවරයා එසේ කර ඇති බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ප‍්‍රකාශ කර තිබේ. මුදල් මණ්ඩලයේ අනුමැතිය නැතිව අදාල වෙන්දේසිය පවත්වා මුදල් මණ්ඩලය දැනුවත් කර ඇති බවද හෙලිකර තිබේ.

පුද්ගලික අංශය සමග ගනුදෙනුවට නොයන්නැයි සියළු දෙනා දැන්වුවද අගමැතිවරයා ප‍්‍රකාශ කළ බව කියමින් හිටපු අධිපතිවරයා පෞද්ගලික අංශය සමග ගනුදෙනුවට ගිය බවද නිලධාරීන් වැඩිදුටත් මෙලි කර ඇත. කෙසේ වෙතත් එහිදී නව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සදහන් කර ඇත්තේ තමන් රාජකාරී භාරගෙන වැඩි කාලයක් නැති නිසා වැඩි විස්තරයක් නොදන්නා බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad