'මට අදාල නෑ' - ඇමති ජෝන් ප්‍ර‍ශ්නවලට පිළිතුරු දුන් හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

'මට අදාල නෑ' - ඇමති ජෝන් ප්‍ර‍ශ්නවලට පිළිතුරු දුන් හැටි (VIDEO)

'මට අදාල නෑ' - ඇමති ජෝන් ප්‍ර‍ශ්නවලට පිළිතුරු දුන් හැටි (VIDEO)
රුපියල් කෝටි 118 ක් වැය කර අමාත්‍යවරුන් වෙනුවෙන් රථවාහන ගෙන්වීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවත් එය අසා දැන ගත යුත්තේ මුදල් අමාත්‍යංශයෙන් බවත් ඉඩම්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (12) රාගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. තමා මහජන නායකයෙකු නොවන බවත් තමා ඇමතිවරයෙකු බවත් එනිසා ඒ සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බවත් අමාත්‍යවරයා පැවසී ය.

පාර්ලිමේන්තුවේ සුදුසු නුසුදුසු අයටද වාහන ලැබී තිබෙන්නේ යැයි මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍ර‍ශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසූවේ ඒකත් මට අදාළ නෑ“ යනුවෙනි.

එම වීඩියෝව පහතින් නරඹන්න...


No comments:

Post a Comment

Post Bottom Ad