නොර්වේ රාජ්‍ය ලේකම් උතුරට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 1, 2016

නොර්වේ රාජ්‍ය ලේකම් උතුරට (PHOTOS)

නොර්වේ රාජ්‍ය ලේකම් ටෝර් හැට්‍රම්  (Tore Hattrem)  මහතා අද (01) දින උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මුණගැසුණු බව වාර්තා වේ.

එහිදී ආණ්ඩුකාරවරයා උතුරු පළාත තුල ජනතාව නැවත පදිංචි කිරීම පිළිබදව ද යාපනය දිස්ත්‍රික්කයේ සිටින ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීම සදහා ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීමට ද කිරි ආශ්‍රිත නිෂ්පාදන ගොඩනැගීමට ද නොර්වේ රාජ්‍ය ලේකම්වරයා සමඟ සාකච්ඡා සිදුකර තිබේ.

තවද කෘෂිකාර්මික කටයුතු සදහා නෝර්විජියානු සහයෝගය ලබා ගැනීමට ද සූර්ය බල තාපය මගින් හා සුළං බලය මගින් විදුලිය නිපදවීම පිළිබදව ද සාකච්ඡා වූ බව වාර්තා වේ. 

ශ්‍රී ලංකාව තුල ඇති කලපු වලින් වැඩි ප්‍රමාණයක් උතුරු පළාත තුල සහ යාපනය දිස්ත්‍රික්කය පුරා පිහිටා ඇති හෙයින් ධීවර කර්මාන්තය පිළිබද විශේෂ අවධානයක් යොමු කර ධීවර කර්මාන්තය නගා සිටුවීමට ද මෙහිදී නොර්වේ රාජ්‍ය ලේකම්වරයා හා ආණුඩුකාරවරයා විශේෂයෙන් සාකච්ඡා කොට තිබේ.

ඡායාරූප පහතින්...





No comments:

Post a Comment

Post Bottom Ad