අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කරන්න බෑ.. ඔහු වරදකරුවෙක් කර නැ.. – අගමැති කඩුව අතට ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 30, 2016

අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කරන්න බෑ.. ඔහු වරදකරුවෙක් කර නැ.. – අගමැති කඩුව අතට ගනී..

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වරදක් කර ඇතැයි මෙතෙක් ඔප්පු වී නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ස්වාධීන රූපවාහිනියේ අද පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

ගිය වසරේ පත් කල කමිටුවෙන්ද අර්ජුන් මහේන්ද්‍රන් මහතා වැරදිකරුවෙක් කර නැති බවද කී අගමැතිවරයා නඩු පැවරීමට තරම් කාරණාවක් නැතැයි පොලීසියද කියූ බවත් එහිදී පෙන්වා දුන්නේය.

උසාවියේ පවරන ලද මූලික අයිවාසිකම් නඩුවෙන්ද මහ බැංකු අධිපතිවරයා නිදොස් කර ඇතැයි කී අගමැති වික‍්‍රමසිංහ එවන් තත්වයකදී අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කල නොහැකි බවද අවධාරණය කලේය.

කෙසේ වෙතත් කෝප් කමිටුවේ පරික්‍ෂනය නිම වන තෙක් රාජකාරියෙන් පැහරව සිටීමට මහ බැංකු අධිපතිවරයා තීරණය කර ඇති බව අගමැතිවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad