නාමල් හිරු සලකුණේ් මහින්ද ලකුණ ඉහලින්ම ඔසවා එයි.. සියළු චෝදනා ලිහා පෙන්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

නාමල් හිරු සලකුණේ් මහින්ද ලකුණ ඉහලින්ම ඔසවා එයි.. සියළු චෝදනා ලිහා පෙන්වයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට සහභාගී විය.

මුළු වැඩසටහන පුරාම ඉතා සංයමයෙන් කරුණු ඉදිරිපත් කල මන්ත‍්‍රීවරයා කිසිදු අවස්ථාවක නිවේදකයන්ට නොතකා කටයුතු නොකලේ සිය අනන්‍යතාවයද රැකගනිමිනි.

සීඑස්එන්, තජුඞීන්, කාර්රේස්, නීති විභාගය, ගුවන් සේවිකාව, පවුල් පාලනය ඇතුළු තමන් ඇතුළු සියල්ලන්ට එල්ල වූ චෝදනා එකින් එකට ඉත පැහැදිලිව පිලිතුරු දුන් මන්ත‍්‍රිවරයා විපක්‍ෂයේ සිටින බොහෝ මන්ත‍්‍රීනට වඩා ඉදිරියෙන් සිට ආණ්ඩුවට නිශ්චිත විවේචනද ඉදිරිපත් කලේ සංඛ්‍යාලේඛන, අණපනත් සහ උදාහරණද ගෙන හැර දක්වමිනි.

තාමත් 30 වැනි වියේ පසුවන නාමල් රාජපක්‍ෂ මහතාගේ ඉදිරිපත් කිරීම ඔහුගේ සමකාලීන දේශපාලඥයින්ට වඩා බොහෝ ඉදිරියෙන් තිබූ බව කිව යුතු අතර හිටපු ජනාධිපතිවරයෙකුගේ දරුවෙකු ලෙස අනෙක් හිටපු ජනාධිපතිවරුන්ගේ දරුවන්ට වඩා බොහෝ පරිනත බවක්ද පෙන්වීය.

සිය පියා ජනාධිපතිව සිටි කාලයට වඩා දේශපාලන පන්නරයක් පරාජයට පත්ව විපක්‍ෂයේ දේශපාලනය කරන ලද දෙවසරකට අඩු කාලයේදී ඔහු ලබා ඇති බවද ඉතා පැහැදිලිව පෙනිනි. ජනාධිපතිවරණ පරාජයෙන් පසු අද දක්වාම මන්ත‍්‍රිවරයාට තහනමක් පනවා නැතද කිසිදු අවස්ථාවක විදෙස් ගත නොවී සියළු පීඩා දරාගෙන දේශපාලන කුණාටුවේ නොසැලී ඉදිරියට යන දේශපාලන ගමන පැසසිය යුතුය.

හිරු සලකුණු වැඩසටහනේ සම්පූර්න වීඩියෝව...


 

No comments:

Post a Comment

Post Bottom Ad