ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්‌ඩුවට සම්බන්ධකර ගෙන ඇමැති ධුර ලබාදීම සඳහා ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම මේ දිනවල මෙහෙයුමක් දියත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර මෙම පිරිස ආණ්‌ඩුවට එක්‌කර ගැනීමටත් ඒ සඳහා ඔවුන්ට ඇමැති ධුර ඇතුළු නොයෙකුත් වරප්‍රසාද ලබා දීමටත් ආණ්‌ඩු පක්‍ෂයේ පාර්ශ්වය එකඟ වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්‌තිමත් කර ගැනීම මෙම මෙහෙයුමේ අරමුණ වී ඇති බවත් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා ඒකාබද්ධ විපක්‍ෂයේ කටයුතු කිරීම පිළිබඳ අප්‍රසාදය පළ කරන මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙසේ ආණ්‌ඩු පක්‍ෂයට සම්බන්ධ කර ගැනීමට සාකච්ඡා පැවැත්වෙන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

No comments:
Post a Comment