එංගලන්තය සමග එක්දින ක‍්‍රිකට් ගැටුමෙන් මිලින්ද කැපෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

එංගලන්තය සමග එක්දින ක‍්‍රිකට් ගැටුමෙන් මිලින්ද කැපෙයි

එංගලන්තය සමග පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියෙන් මිලින්ද සිරිවර්ධන ඉවත් කර ඇතැයි වාර්තා වනවා. ටෙස්ට් තරගාවලියට සහභාගි නොවූ ක‍්‍රීඩකයින් 5 දෙනෙකු එක්දින තරග සඳහා එක්කෙරෙන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කළේ.

ෆර්වේස් මහරුෆ්, උපුල් තරංග, සීකුගේ ප‍්‍රසන්න, ධනුෂ්ක ගුණතිලක සහ සුරාජ් රන්දිව් එම ක‍්‍රීඩකයින් වනවා. ඔවුන් වෙනුවට ඉවත් කරන ක‍්‍රීඩකයින් කවුරුන්දැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තවමත් නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර නැහැ.
 

කෙසේ වෙතත් ක‍්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පවසන්නේ මිලින්ද සිරිවර්ධන එංගලන්තය සමග එක්දින තරගාවලියට එක්නොවන බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක මහතා ඊයේ තහවුරු කළ බවයි. දිමුත් කරුණාරත්න , කෞශාල් සිල්වා, නිරෝෂන් දික්වැල්ල සහ දිල්රුවන් පෙරේරා ද ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි චරිත් සේනානායක මහතා ප‍්‍රකාශ කර තිබෙනවා.

රංගන හේරත් එක්දින තරගවලින් විශ‍්‍රාම ගෙන ඇති නිසා ඔහු ද එංගලන්තය සමග පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි නොවනු ඇති.

No comments:

Post a Comment

Post Bottom Ad