කුඩු නඩුව මර්වින් 40 වසරකට සිරගත කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

කුඩු නඩුව මර්වින් 40 වසරකට සිරගත කරයි

වේලායුදන් මෙතියස් හෙවත් කුඩු මර්වින් අනභිමුඛයේ නඩුවක් විභාග කළ කොළඹ මහාධිකරණය ඔහුට 20 වසරක සිර දඬුවම් නියම කළා.

2008 දී හෙරොයින් ජාවාරමෙන් රුපියල් ලක්ෂ 290ක දේපළ කැලණීයෙන් හිමිකර ගත්තැයි ඔහුට එරෙහිව නඩු පවරා තිබුණා. ඔහුට රුපියල් ලක්ෂ 255ක දඩයක් ගෙවන ලෙසද පද්මිණී එම්.රණවක මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළා. දඩය නොගෙවන්නේනම් සිර දඬුවම තවත් වසර හතරකින් දීර්ඝ කරන බවද විනිසුරුවරිය පැවසීය.

මින් වසර කිහිපයකට පෙර කුඩු මර්වින් බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණයට රැගෙන එද්දී නාදුනන පිරිසක් ඔහු පැහැර ගෙන ගොස් ඇත. පසුව නඩුව විභාග වූයේ ඔහු නොමැතිවය. ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්ද රතු නිවේදනයක් ද නිකුත් කැරිණි. ඔහුට එරෙහි චෝදනා දෙකට අවුරුදු 20 බැගින් අවුරුදු 40ක සිර දඬුවම් නියම කළා.

No comments:

Post a Comment

Post Bottom Ad