අපේ ආණ්ඩුවට ‘කෙලවෙන්නේ‘ ඇත්ත කියන්න ගිහින් - හරින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

අපේ ආණ්ඩුවට ‘කෙලවෙන්නේ‘ ඇත්ත කියන්න ගිහින් - හරින්

ඇමැතිවරුන්ට වාහන ගැනීම සඳහා මුදල් වෙන් කිරීමට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව ගැන ඇතැමුන් වැරදි අන්දමට සමාජගත කළ බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරින් ප‍්‍රනාන්දු මහතා කීය.

කෙසේ වෙතත් එම වාහන මිලදී ගැනීම කල් දැමීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ගත් තීරණය ඉතා විශිෂ්ට එකක් බවද හෙතෙම සඳහන් කෙළේය. එහෙත් අදාළ පරිපූරක ඇස්තමේන්තුවෙන් තමන්ටද වාහනයක් ගන්නා බවට විවිධ පාර්ශව විසින් ජනතාව නොමඟ යෑවූ බවද කී ඒ මහතා පසුගිය ආණ්ඩුව සමයේදී නම් ඇමැතිවරුන්ට වාහන ගැනීම හොර රහසේම කළ බවද කීය.

ආණ්ඩුව වාහන ගැනීම පිළිබඳව පාර්ලිමේන්තුව, ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ බවත් මෙම ආණ්ඩුවට කෙළවෙන්නේ ඇත්ත නොසඟවා කීමට යැමෙන් බවද හරින් ප‍්‍රනාන්දු මහතා පැවසීය. පසුගිය ආණ්ඩුව පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව (චෝගම්) වෙනුවෙන් ගෙන්වන ලද වාහන පිළිබඳව කිසිවක් රටට හෙළි නොකළ බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා (දිවයින)

No comments:

Post a Comment

Post Bottom Ad