සිල් බිඳගත් සල්ලාල හොර ඇමතියාගේ කෙරුවාව උදය හෙලි කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

සිල් බිඳගත් සල්ලාල හොර ඇමතියාගේ කෙරුවාව උදය හෙලි කරයි..

ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් භාවිතා කරමින් විදේශීකයෙකු සතු කොටස් විකුණුවේ යයි ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කට උත්තර ගැනීම සඳහා ඊයේ දිනයේ පොලිස් අපරාධ පරීක්‍ෂණ ඒකකය වෙත කැඳවා තිබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

මම වසර 16ක් දේශපාලනේ ඉන්නවා.  වසර 8ක් ආණ්ඩුවේ තනතුරු දැරුවා.  නමුත් සොරකම්, මැරකම්, සල්ලාලකම් පිලිබඳ කිසිම චෝදනාවක් එල්ල වී නෑ.  නමුත් හොරකම් මැරකම් සල්ලාලකම් පිලිබඳ බුරුතු පිටින් චෝදනා ලබා සිල් බිඳ ගත් ඇමති කෙනෙක් එතුමා ඇද වැටුණු මඩ වලට මාවත් ඇදලා දා ගන්න දරණ උත්සාහයක එක් පියවරක් විධියටයි අද මා පොලිස් මූලස්ථානයේ පිහිටි විශේෂ විමර්ශන ඒකකයට කැඳවා ඇත්තේ.

මට නගා ඇති පදනම් විරහිත චෝදනාව වන්නේ ව්‍යාජ ඇටර්නි බලපත්‍රයකින් පෑන් ඒෂියා බැංකුවේ ඔස්ට්‍රේලියානු සමාගමක් සතු ඩොලර් මිලියන ගණනක් වටිනා කොටස් විකිණීමයි.  මේ චෝදනාවේ පදනම් විරහිත බවත් පොලීසියේ පක්ෂග්‍රාහිත්වයත් දේශපාලනික අරමුණත් තහවුරු කිරීමට කරුණා ගණනාවක් දක්වන්න පුළුවන්.

චෝදනාවේ පදනම් විරහිත බව

01. 1997 අප්‍රේල් 18 දින ලබා දුන් ඇටර්නි බලපත්‍රය ව්‍යාජ බවට පැමිණිලි කරන්නේ 2015 අගෝස්තු 02 දින හෙවත් වසර 18කට පසුයි.  මෙතරම් කාලයක් ඔහු නිහඬව සිටියේ ඇයි?  ඔස්ට්‍රේලියාවේ සිටින අයෙකු ලංකාවේ සිටින කිසිම මැර ඉතිහාසයක් නොමැති දේශපාලකයෙකුට බිය වන්නේ ඇයි?  ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය හෝ නීතිඥ සමාගමක් හරහා පැමිණිලි නොකලේ ඇයි?


02. ඇටර්නි බලපත්‍රයේ සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස අත්සන් තබා ඇත්තේ බ්‍රයන් ෂැඩික් සහ ඔහුගේ බිරිඳ ජැනට් ෂැඩික්. සාක්ෂිකරුවන් ලෙස අත්සන් තබා ඇත්තේ වසර දහයකට වැඩි කාලයක් බ්‍රයන්ගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ රෝස් ස්මිත් සහ ඔහුගේ කාර්යාලයේ පිලිගැනීමේ නිලධාරිනිය ලෙස කටයුතු කළ ජුඩිත් ඩෝව්ස්ය.  තමන් මෙම ඇටර්නි බලපත්‍රයේ සාක්ෂිකාරියක ලෙස අත්සන් තැබූ බවට රෝස් ස්මිත් දිවුරුම් ප්‍රකාශයක් ලබා දී ඇත.  බ්‍රයන්ගේ අත්සන මා දන්නා බැවින් ව්‍යාජව යෙදිය හැකි නමුත් බ්‍රයන්ගේ කාර්යාලයේ සේවය කරන අයගේ නම්, පෞද්ගලික ලිපින සහ අත්සන් මා දන්නේ කෙසේද?


03. බ්‍රයන් තමන් කිසිම දිනක ඇටර්නි බලපත්‍රයක් ලබා නොදුන් බව ප්‍රකාශ කළත් සියළුම කොටස් විකිණීම මෙන්ම මිළ දී ගැනීම ද සිදු කර ඇත්තේ ඇටර්නි බලපත්‍ර මත පමණි. ඔහුගේ සමාගම කිසිම දිනක සෘජුව කොටස් මිළ දී ගෙන නොමැති බව පෑන් ඒෂියා බැංකුව සහතික කරයි. ඇටර්නි බලපත්‍රයක් නොදුන් බවට ඔහු කරන ප්‍රකාශය ඇත්ත නම් ඔහුට බැංකුවේ කොටස් කිිසිම දිනක තිබී නොමැති අතර ඒවා විකිණීම පිළිබඳ ප්‍රශ්නයක් ද මතු නොවනු ඇත.


04. බ්‍රයන්ගේ පළමු පැමිණිල්ල වූයේ තමන්ගේ නමින් වූ ඩොලර් ලක්ෂයක කොටස් වංචනිකව විකුණා ඇති බවයි. ඔහුගේ නමට කිසිම දිනක බැංකුවේ කොටස් නොතිබුණු බව පොලීසිය විසින් සොයා ගත් පසුව ඩොලර් ලක්ෂය මිලියනය දක්වා වැඩි කර තමන්ගේ නමට වෙනුවට ඩිජිටල් නොමිනීස් සමාගමේ නමින් කොටස් තිබුණු බව පවසයි.  තමන් පවසන්නේ සත්‍යය නම් වරින් වර ප්‍රකාශ වෙනස් කරන්නේ ඇයි?

පොලීසියේ පක්ෂග්‍රාහිත්වය

01. පැමිණිලිකරුගේ ඉල්ලීම මත අපරාධ පරීක්ෂණ කොට්ඨාශයේ තිබුණු මෙම පැමිණිල්ල විශේෂ විමර්ශන ඒකකයට මාරු කෙරේ. සාමාන්‍යයෙන් විශේෂ විමර්ශන ඒකකය විසින් පෞද්ගලික ආරවුල් පිළිබඳ පැමිණිලි විභාග නොකරන අතර පැමිණිලිකරුවන්ගේ අවශ්‍යතා මත විමර්ශනය කරන පොලිස් ඒකකය තීරණය නොකෙර්.


02. සාක්ෂිකරුවෙකු වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුගේ නිවසට පොලිස් නිළධාරින් යෑම මෙම ආණ්ඩුවේ දේශපාලකයින් විවේචනය කළත් පැමිණිලිකරු වන බ්‍රයන් ෂැඩික්ගේ සහ ඔහුගේ බිරිඳගේ ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලිස් නිළධාරින් මහජන මුදල් වැය කරමින් දෙවරක් ඔස්ට්‍රේලියාාවේ සංචාරය කර තිබේ. තමන්ට අහිමි වුණා යැයි බ්‍රයන් පවසන ඩොලර් මිලියනය සොයා ගැනීමට ඔහුට නැති උනන්දුවක් පොලීසියටත් ආණ්ඩුවටත් ඇති වුණේ ඇයි?


03. යම් ලියැවිල්ලක නිර්ව්‍යාජ බව තහවුරු කර ගැනීමට නීතියට අනුව ඇති හොඳම ක්‍රමය වන්නේ එම ලියැවිල්ලේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් තැබූ අය විමසීමයි. පොලිස් නිළධාරින් දෙවරක් ඔස්ට්‍රේලියාවට ගියත් ප්‍රශ්න ගත ඇටර්නි බලපත්‍රයේ  සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු නොකලේ ඇයි?


04. රෝස් ස්මිත්ගේ දිවුරුම් ප්‍රකාශයේ පිටපතක් පැමිණිලිකරුගේ ඇටර්නි බලකරු ලෙස පෙනී සිටින අය විසින් 2016 ජූනි 1 දින මාධ්‍ය හමුවකට ගෙන එන ලදී. එම දිවුරුම් ප්‍රකාශය තිබුණේ මා සතුව පමණක් වන අතර 2016 මැයි 16 දින එහි පිටපතක් විශේෂ විමර්ශන ඒකකයට භාර දෙන ලදී.  මා සහ විශේෂ විමර්ශන ඒකකය පමණක් සතුව තිබුණු දිවුරුම් ප්‍රකාශයේ පිටපතක් ඔහුට ලැබුණේ කෙසේද?


05. නීතිඥ තුෂාරිකා බොතේජු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් දිවුරුම් ප්‍රකාශයේ සටහන් වන පරිදි ඇයගෙන් පොලීසිය මෙම ඇටර්නි බලපත්‍රය පිළිබඳ ප්‍රකාශයක් ගත් විට බ්‍රයන්ගේ ඇටර්නි බලකරු අසළ වාඩි වී ඇයගේ ප්‍රකාශයට සවන් දී ඇත.

දේශපාලන බලපෑම

01. පොලීසියේ පක්ෂග්‍රාහිත්වය යටතේ සඳහන් සියල්ලම දේශපාලන බලපෑමට ද අදාළ වේ.


02. 2015 පාර්ලිමේන්තු මැතිවරණයට දින 15ක් තිබිය දී බ්‍රයන් ෂැඩික් මට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කිරීම.


03. පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රචාරක කටයුතු කළ හැකි අවසන් දින වන අගෝස්තු 14 දින ප්‍රකාශයක් ලබා ගැනීමට මා පොලීසියට කැඳ වූ අතර මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් එය වැළැක්විණි. එදින පොලීසිය විසින් මට එරෙහිව මාධ්‍ය ප්‍රකාශයක් කලේ නම් මැතිවරණය තෙක්ම එය නිවැරදි කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇත.


04. මගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම පිළිබඳ පොලීසිය විසින් පෙර දින මාධ්‍ය දැනුම්වත් කිරීම.


05. මගේ බිරිඳගෙන් සිදු කලේ ඇය සාක්ෂිකාරියක ලෙස තබා තිබුණු අත්සන හඳුනා ගැනීම පමණක් නමුත් ප්‍රකාශය ලබා ගත් දිනම පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් මාධ්‍ය හමුවක් පවත්වා වංචාවක් පිළිබඳ ඇයගෙන් පැය 4ක් ප්‍රශ්න කළ බවට ප්‍රකාශ කරන ලදී.


06. බ්‍රයන් විසින් පොලීසියට පැමිණිලි කිරීමෙන් නොනැවති පාර්ලිමේන්තු මැතිවරණ සමයේ මට එරෙහිව අපහාසාත්මක වීඩියෝ පටයක් යූ ටියුබ් නාලිකාවට එක් කරන ලදී.


07. ඉතාම අසාමාන්‍ය ලෙස ඉතිහාසයේ ප්‍රථම වරට විදේශිකයෙකු පොලීසියට පැමිණිලි කිරීමෙන් නොනැවති ඒ පිළිබඳ වරින් වර මාධ්‍ය හමු පවත්වන ලදී. බ්‍රයන් විසින් එක් වරක් ද ඔහුගේ ඇටර්නි බලකරු විසින් පස් වරක් ද එසේ මාධ්‍ය හමු පවත්වන ලදී.


08. නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරිය තමන්ට පවරා ගනිමින් මා අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි ප්‍රශ්න කරමින් ඇටර්නි බලකරු විසින් මාධ්‍ය හමු දෙකක් පවත්වන ලදී.


09. බ්‍රයන් පොලීසියට පැමිණිලි කලේ 2015 අගෝස්තු 02 දින නමුත් ඊට පෙර එනම් 2015 ජූලි 24 දින විදේශිකයෙකුට මුදල් වංචාවක් කිරීම පිළිබඳ මට චෝදනා එල්ල වීමට නියමිත බවට ඇමති පා ච රණවක මැතිතුමා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබන ලදී.

නීතිඥ, පා.ම. උදය ගම්මන්පිල
2016 ජූනි 13 දින

No comments:

Post a Comment

Post Bottom Ad