සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගුයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 15, 2016

සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගුයි
දිවයිනේ සිටින සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කළ බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන්  කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ය.mඑහිදී අදහස් දක්වමින් තැපැල්පතිවරයා කියාසිටිය‍ේ නිවාඩු අවලංගු කිරීමට අදාළ චක්‍රලේඛ මේ වනවිට නිකුත් කර තිබෙන නිසා සියලුම සේවකයන් සේවයට වාර්තා කළ යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන්කළේ මේ වනවිට තැපැල් සේවකයන් ආරම්භ කර තිබෙන වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳව අද (15) දිනයේදී වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි. ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් දෙපාර්තුමේන්තුවේ සේවකයින් අතිකාල සේවාවේ යෙදීමෙන් වැළකී සිටීමේ ක්‍රියාමාර්ගයක යෙදී සිටින්නේ පසුගිය 12 වෙනිදා රාත්‍රියේ සිටයි.

No comments:

Post a Comment

Post Bottom Ad