නැට්වෙස්ට් පන්දුවාර විස්ස ප්‍රාන්ත තරගාවලියේ තවත් හොද තරගයක් සරේ කණ්ඩායම සහ සසෙක්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.
මේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සරේ කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 205ක් රැස්කර ගත්තා. එහිදී ජේසන් රෝයි ලකුණු 109ක් ලබාගත් අතර, ඔහුට අනගි සහායක් ලබාදෙමින් සංගක්කාර ලකුණු 54ක් රැස්කර ගැනීමට සමත්වුණා.
අනතුරුව පිටියට පැමිණි සසෙක්ස් කණ්ඩායමට පන්දුවාර විස්ස තුළ කඩුළු 5ක් දැවී රැස්කර ගැනීමට හැකිවුනේ ලකුණු 182ක් පමණයි. ඒ අනුව සරේ කණ්ඩායමට ලකුණු 23ක් ජයක් හිමිවුණා.
මේ තරගයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝව පහතින් බලන්න….
Sunday, June 5, 2016
සංගාගෙන් 54ක් සරේ ලකුණු 23කින් දිනලා
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment