ඒකාබද්ධ විපක්ෂය තහනම පිළිගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 30, 2016

ඒකාබද්ධ විපක්ෂය තහනම පිළිගනී

නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගණයට ඇතුළුවීම දින 14කට තහනම් කරමින් තමන් වෙත නිකුත් කෙරුණු අධිකරණ නියෝගය පිළි ගන්නා බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ හෙට (01) දින පැවත්වීමට නියමිත සිය මැයි දින පෙළපාලිය ශාලිකා කී‍්‍රඩාංගණයෙන් නොව වෙනත් ස්ථානයකින් ආරම්භ කරන බවයි. 

ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළිය කිරුළපනදී පැවැත්වීමට නියමිත බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පක්ෂවල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් මෙම මැයිදින රැළිය පවත්වන බවත් දිනේෂ් ගුණවර්ධන මන්ති‍්‍රවරයා වැඩිදුරටත් කියාසිටියේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad