මහින්දට හොරෙන් බැසිල් අගමැති කිරීමේ කුමණ්ත්‍රණයක්? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 30, 2016

මහින්දට හොරෙන් බැසිල් අගමැති කිරීමේ කුමණ්ත්‍රණයක්? (VIDEO)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ලබා දී ඔහුව ඊළඟ අගමැතිවරයා කරවීමේ කුමන්ත්‍රණයක් පවතින බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළේ ය.

එමෙන්ම එම කුමණ්ත්‍රණය හා සම්බන්ධ රහසිගත සාකච්ඡාවක් කොළඹ දී පවත්වා ඇති බවත් එක්සත් ජාතික පක්ෂය හැර ගිය මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සහ තවත් කණ්ඩායමක් එම සාකච්ඡාවට සම්බන්ධ වී ඇති බවත් හැරිසන් මහතා අවධාරණය කළේ ය.


අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (29) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අතරතුර දී ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් හොරෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති බවත් එම නිසාම මේ වන විට රාජපක්ෂ පවුල තුළ ද විවිධ අසමගිකම් පැනනැගී ඇති බවත් පී. හැරිසන් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා රට හැර ගොස් ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන කරළියට ගෙන එනවා නම් ඒ පිළිබඳව දෙසැරයක් සිතිය යුතු බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ද ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදුකර ඇති බව යි.

එමෙන්ම ඩලස් අලහප්පෙරුම මහතා ද මේ පිළිබඳව අප්‍රසාදය පළ කරමින් කතා කර ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා පැමිණෙනවා නම් මැයි දිනයෙන් පසු තීන්දුවක් ගන්නා බවට ප්‍රසන්න රණතුංග මහතා ද අවධාරණය කර ඇති බවත් හැරිසන් මහතා පැවසුවේ ය.

මේ ආකාරයෙන් බැලූ විට ඒකාබද්ධ විපක්ෂය නමැති කාලබෝම්බය මැයි දිනයෙන් පසුව පුපුරා යන බවයි පී. හැරිසන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad