උකුස්සෙක් පණ පිටින් හම ගසා පාද කපා දමා කෘෘර ලෙස වද හිංසා පමුණුවා මරා දැමූ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා නියෝග කළේය.
උකුස්සාව මරා දැමූ ස්ථානයට ද ඔහුන් පොලීසිය සමඟ රැගෙන ගිය අතර උකුස්සාගේ පිහාටු වැනි ශරීර කොටස් මෙන්ම හිස්කබල ද එම ස්ථානයේ තිබී හමු විය. උකුස්සාගේ හම ඉවත් කළ අවස්ථාවේ ගත් ඡායාරූපයක් Facebook සමාජ ජාලය හරහා ව්‍යාප්ත වීමත් සමග මෙම සිදුවීම පිළිබඳ සමාජයේ දැඩි කතාබහක් ඇති වූ අතර ඡායාරූපයේ සිටින්නන් හඳුණා ගැනීමේ ව්‍යාපාරයක් ද Facebook හරහා සංවිධානය විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා උසාවියට ගෙන යද්දී එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යව්දීන්ට ඔවුන් බැණවැදුණු කළ අතර "සතෙක් මැරුවා කියා බලු වැඩ කරන්න එපා, එළියට ආවාම අපි බලා ගන්නම්" යනුවෙන් ද තර්ජනය කර ඇත.
වීඩියෝව පහතින්...
Friday, March 11, 2016
'සතෙක් මැරුවා කියලා බලුවැඩ කරන්න එපා' - උකුස්සා මැරූ අය මාධ්‍යට බැණවදී (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment