ගයේෂා පෙරේරා රංගන ශිල්පිණිය මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේදිකාවල නිරන්තරයෙන් දකින්න ලැබුණා.
පසුගිය සමයේ දී ගයේෂා දේශපාලන වේදිකාවට වඩා රූපවාහිනී තිරයේ දක්නට ලැබුණු අතර පසුගිය දිනක යළිත් දෙහිවල ප්‍රදේශයේ ගයේෂාගේ රුව රැගත් දේශපාලන පෝස්ටර් දක්නට හැකි වුණා. ධනසිරි අමරතුංග මහතාව ඉවත් කර දෙහිවල සංවිධායක තනතුර සඳහා කිර්ති උඩවත්ත මහතා පත් කළ අවස්ථාවේ දී ඊට සුබ පතමින් මේ පෝස්ටර් අලවා තිබුණා.
එහි දැක්වුණේ 'ගම ගොඩනගන ශක්තිමත් නායකත්වයට අපේ හදපිරි සුබ පැතුම්' ලෙසයි. පසුව මේ පෝස්ටරයක ඡායාරූපයක් ලබා ගෙන එක්තරා කණ්ඩායමක් ෆේස්බුක් වෙත මුදාහැර තිබුණේ 'ගොනෙක් හරකෙක් වෙනුවෙන් පෝස්ටර් ගැසූ සුන්දර අවස්ථාව' යනුවෙන් සටහනක් ද තබමිනි.
'දෙහිවල ගමක් වුණේ කවද්ද වැස්සියේ' යනුවෙන්ද එහි දක්වා තිබුණා. එම සටහන ඇතුළත් ෆේස්බුක් බැනරය ධනසිරි අමරතුංග මහතා ද තම ෆේස්බුක් ගිණුමින් ෂෙයාර් කර තිබුණා.
Friday, March 11, 2016
ගොනෙක් සහ හරකෙක් නිසා 'නිදහස් පක්ෂය' ඇවිලේ
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment