අලිමංකඩ පහරදුන් බව කියන මහ කොටියෙක් නිදහස්..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 11, 2016

අලිමංකඩ පහරදුන් බව කියන මහ කොටියෙක් නිදහස්..!

වසර පහක් එල්.ටී.ටී.ඊ.සැකකරුවකු ලෙස බන්ධනාගාරගත කොට සිටි පුද්ගලයෙකු යාපනය මහාධිකරණය නිදහස් කොට තිබෙනවා. ප්‍රනාන්දු එමිල්දාස් නැමති මෙම සැකකරු පොලිස් ත්‍රස්ත මර්ධන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ 2011 වසරේදීය.

2000 වර්ෂයේදී අලිමංකඩ යුදහමුදා කදවුරට ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාව මත වවිනියාවේ කූමාංකුලම ප්‍රදේශයේදී මොහුව අත් අඩංගුවට පත්වුණා. පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය එල්.ටී.ටී.ඊ.බුද්ධි අංශයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ බවටද මොහුට චෝදනා එල්ල කොට තිබූ අතර 2011 වසරේ සිට වසර තුනක් පොලීසිය සැකකරුගෙන් ප්‍රශ්න කොට තොරතුරු සටහන් කරගෙනද තිබෙනවා. 


කෙසේ වෙතත් එම තොරතුරු සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වා නොමැති බවද යාපනය මහාධිකරණයේදී පැවති නඩු විභාගයේදී හෙළි වී තිබෙනවා. යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචෙලියන් නඩුව පිළිබදව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා තිබුණේ පොලීසියත්,ආරක්ෂක අමාත්‍යාංශයත් සැකකරුට එරෙහිව නගා තිබූ චෝදනා සැකහැර ඔප්පු කිරීමට අසමත් වී ඇති බවයි.

අලිමංකඩ යුදහමුදා කදවුරට ප්‍රහාරයක් එල්ල කළ බවට මොහුට චෝදනා එල්ල කොට ඇතත් ඔහු විසින් මරාදමන ලද හෝ තුවාල සිදු කළ හමුදා සාමාජිකයින් පිළිබදව තොරතුරු ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත් වී ඇති බවයි යාපනය මහාධිකරණ විනිසුරුවරයා පවසන්නේ.

සැකකරු විසින් කළ පාපොච්චාරණයේ සදහන් කරුණුද සැකයකින් තොරව ඔප්පු කිරීමට හෝ ඔහු ප්‍රකාශ කළ කරුණු පිළිබදව නිසි ලෙස පරීක්ෂණ පැවැත්වීමටද පොලීසිය අපොහොසත් වී ඇති බවද යාපනය මහාධිකරණයේදී පැවති නඩු විභාගයේදී හෙළිදරව් වී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad