ඒඩ්ස් රෝගය වැලදී ඇතැයි අසත්‍ය ප්‍රචාරයක් යැවීම නිසා පාසලක් අහිමි වී සිටින කුලියාපිටියේ දරුවාට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට බඳවාගැනීම සම්බන්ධ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හා එම විද්‍යාලයේ විදුහල්පතිවරයා අත්සන් තැබු බව අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය පවසයි.
මේ වෙනුවෙන් සාකච්ඡා සිදුකරන ලද්දේ ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයද විසිනි. ඒ අනුව අදාළ දරුවාට මහනුවර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් හිමි වී තිබේ. මේ අතර ජනපතිවරයාගේ උපදෙස් මත නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගිය දා එහි ගිය අතර පසුව ජනපතිවරයා දුරකතනයට ඔස්සේ සම්බන්ධ කරගනිමින් ජනපතිවරයා හා කතා කිරීමට අදාළ මවට අවස්ථාව ලබාදී තිබේ.
'අපි ඉස්කෝල ප්‍රශ්නේ විසඳලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. දැනුමක් නැති අයනේ ඕකට විරුද්ධව කෑ ගහන්නේ' ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ සඳහන් කළේය.

No comments:
Post a Comment