වයස අවුරුදු 14 ක් වන තම දියණියට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 41 හැවිරිදි පියෙක් අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය – උණාවේලිය ප්‍රදේශයේ පදිංචිව සිටින අයෙකි.
ඔහු කුලී කම්කරුවෙකු ලෙස ජීවිකාව ගෙන ගොස් ඇති අයෙකි. දැරියගේ මවවන 39 හැවිරිදි කාන්තාවක් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. තමන් ගමේ පැවති සමිතියකට ගොස් ආපසු නිවසට පැමිණෙන විට දියණිය හඬමින් සිටි බවත්, ඇයගෙන් ඒ සම්බන්ධයෙන් විමසූ විට පියා විසින් කරන අතවරය ගැන දැන ගත්තේ යැයි පැමිණිලිකාරිය පොලීසිය හමුවේ පවසා ඇත.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දිනක පියා සමග ගමේ වැවට දිය නෑමට ගිය අවස්ථාවේ පළමු වරට ඔහු තමන්ට අතවර කළ බවත්, එදින සිට අවස්ථා කීපයකදීම ඔහු තමන්ට ලිංගික අතවරයන් සිදු කළ බව දැරිය පොලීසිය හමුවේ පවසා ඇත.
අවසන් වරට මව නිවසේ නොමැති අවස්ථාවේ පියා තමන්ට අතවර කළ බවත්, පැමිණි මවට තමන් මුහුණ දී ඇති කරදරය ගැන කියා සිටි බව ද දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත. අතවරයට පත් ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කර ගෙන යයි.
පුත්තලම – ජුඩ් සමන්ත
Wednesday, March 9, 2016
දියණිය හා ලිංගික ව එක් වූ නරුම පියෙක්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment