රගර් ක‍්‍රීඩක වසීම් තජුඩීන්ගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු වන ජෙයප‍්‍රකාශ් සහ තවුෆික් යන පුද්ගලයින් පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමේදී එම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොවූ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
තජුඩීන් ඝාතනයට සම්බන්ධ යැයි සැක කෙරෙන තරුණ දේශපාලනඥයෙකු හා හමුදා නිළධාරීන් සමග මෙම පුද්ගලයන් දෙදෙනා මේ දක්වාම ගනුදෙනු කරන බව ඔවුන්ගේ ජංගම දුරකතන බිල්පත් පරීක්ෂා කිරීමේදී තහවුරු වී ඇතැයි ද ඉහත ආරංචිමාර්ග කියා සිටියි.
පොලිස් වාර්තා පිරික්සයි :
මේ අතර වසීම් තජුඩීන්ගේ මරණය සිදුවූ වකවානුවේ එනම් 2012 මැයි මස 17 හෝ ඊට ආසන්න කාලය තුළ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවමින් එම මරණය හදිසි අනතුරක් ලෙස අවධාරණය කරමින් වාර්තා දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ගෙන් හා වෛද්‍ය නිලධාරියාගෙන් යලි කටඋත්තර ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ, මෙය මිනීමැරුමක් බවට අධිකරණය විසින් මේවනවිට ප්‍රකාශ කර ඇති හෙයිනි. ඒ අනුව, කිරුළපන පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක මෙන්ම, එම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හා රථවාහන අංශයේ ස්ථානාධිපතිවරුන් ද, එවක නාරාහේන්පිට මූලස්ථාන පොලිස් පරීක්ෂක හා අපරාධ අංශයේ ස්ථානාධිපති ද එම වකවානුවේ ලබා දී ඇති ප‍්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යලි විමර්ශනය කරමින් සිටියි.
අනුරගේ සැකකටයුතු හැසිරීම :
මුලින්ම රිය අනතුර පිළිබඳව ස්ථාන විමර්ශනයක් සිදුකිරීම සඳහා සිද්ධිය වූ ස්ථානයට ගොස් ඇත්තේ කිරුළපන මූලස්ථාන පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වන අතර ඔහුගේ වාර්තාවල සටහන් කොට ඇත්තේ කොළඹ නාගරික සීමාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අලුයම 03.00 ට පමණ සිද්ධිය වූ ස්ථානයට පැමිණි බවයි. සාමාන්‍යයෙන් රිය අනතුරක් සිදුවූ ස්ථානයකට අලුයම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පැමිණීම ප‍්‍රබල සැකයකට තුඩු දෙන්නක් බව එම වකවානුවේ වෙබ් අඩවි වාර්තා කර තිබිණ.
Tuesday, March 8, 2016
තජුඩීන් ඝාතනය : මිතුරන් ගෙන් ප්‍රබල සාක්ෂියක් !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment