මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරු වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකුට කුවේට් අධිකරණය මරණ දඬුවම නියම කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
සෙසු තිදෙනා ඉන්දීය ජාතිකයින් වන අතර මොවුන් සිව්දෙනා පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේදී කුවේටයේ සිට ගුවනින් හෙරොයින් රැගෙන යාමේ අරමුණෙන් එරට ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රැඳී සිටිය දී කුවේට් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්පසු කුවේට් පොලීසිය විසින් ඔවුන් සිව්දෙනාට එරෙහිව නඩු පැවරූ අතර එය එරට අපරාධ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ෂාරියා නීතීය යටතේ අදාළ චෝදනාවන්ට වැරදිකරුවන් කරමින් මරණ දඬුවම නියම කොට තිබේ.

No comments:
Post a Comment