අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ‍්‍රී අත්තදස්සි මහනාහිමියන්ගේ ශ‍්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 13 වැනි ඉරිදා (13) සිදු කිරීමට තීරණය කර තිබේ.
තව ද උන්වහන්සේගේ ශ‍්‍රී දේහය අද (10) පෙරවරුවේ අස්ගිරි මහා විහාරය වෙත වැඩම කරවීමට නියමිතව ඇත.
හදිසියේ ඇද වැටී ඊයේ පස්වරුවේ අනතුරට ලක්වූ උන්වහන්සේ ප‍්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර එහි දී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් උන්වහන්සේ අපවත් වූ බවයි වෛද්‍යවරු සඳහන් කරන්නේ. උන්වහන්සේ 95වැනි වියේ පසු විය.

No comments:
Post a Comment