අවුරුදු 15 ක දැරිය සිහි නැතිකර ගැබිණියක් කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 8, 2016

අවුරුදු 15 ක දැරිය සිහි නැතිකර ගැබිණියක් කරලා

වවුනියාව ඊච්චන්කුලම ප‍්‍රදේශයේ වයස අවුරුදු 15 ක දැරියක් ගැබිණියක් කළ සැකකරුවෙකු වවුනියාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වවුනියාව පොලිසිය පැවසුවේ අදාළ දැරිය බඩේ අමාරුවක් ලෙස සළකා රෝහල්ගත කොට ඇති අතරේ එහිදි දැරිය දරුවෙකු ප‍්‍රසූත කර ඇති බවයි.
 

අදාළ දරු ප‍්‍රසූතිය සම්බන්ධයෙන් දැරියගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් අනුව දැරියගේ නිවස ආසන්නයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසුවා. දැරිය වැඩිදුරටත් පවසා ඇත්තේ දෙමාපියන් නිවසේ නොමැති අවස්ථාවක අදාළ තරුණයා දැරියගේ යම් අසනීප තත්වයක් වෙනුවෙන් වේදනා නාශක පෙති සමග කිසියම් සිසිල් බීම වර්ගයක් ලබාදුන් බවයි.

අදාළ සිසිල්බීම වෙත කිසියම් දෙයක් මිශ‍්‍රකොට ලබාදීමෙන් අනතුරුව දැරිය සිහිමූර්ජාවීමෙන් අනතුරුව දැරියට ලිංගික ක‍්‍රියාකාරකම් සිදු කිරීමට සැකකරු කටයුතු කර ඇති බව නිගමනය වන බව පොලිසිය පවසනවා. අදාළ බීම ලබාදීමෙන් අනතුරුව පසුදින අදාළ තරුණයා දැරිය වෙත කිසියම් දෙයක් පැවසූ බවත් පැවසූ කාරණය තමන්ට නොවැටහුණ බවයි දැරිය පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

සිද්ධියට අදාළ සැකකරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

No comments:

Post a Comment

Post Bottom Ad