සිකා පරීක්ෂා අද සිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 5, 2016

සිකා පරීක්ෂා අද සිට

සිකා පරීක්ෂා අද සිට
සිකා වෛරස් ලේ සාම්පල පරීක්ෂා කිරීම බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ දී අද (05) ආරම්භ කර තිබේ. එම පරික්ෂණ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය මැලේසියාවේ සිට ගුවන් මගින් මෙරටට ගෙන්වා ඇති අතර සියලු පරීක්ෂණ පැය 24 පුරා ක‍්‍රියාත්මක කෙරේ.

අයි.ඩි.එච් උණ රෝහලේ විශේෂ ප‍්‍රතිකාර ලබාදීමට ද සුදානම් කර ඇති අතර සියලු සෞඛ්‍ය සේවකයින් සඳහා විශේෂ උපදෙස් ඇතුළත් චක‍්‍ර ලේඛයක් ද නිකුත් කර තිබේ. සිකා වෛරසය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර ඇත. 

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය ද ඊට මුහුණදීමට සියලු පියවර ගෙන අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
කටුනායක ගුවන්තොටුපලේ වෛද්‍ය අංශය, වසංගත රෝග විද්‍යා අංශය, IDH උණ රෝහල බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය ඒ සඳහා සුදානම් කර ඇත.

කටුනායක ගුවන්තොටුපලේ ද පැය 24 පුරා මෙරටට පැමිණෙන ලතින් ඇමරිකානු රටවල සංචාරකයින් සහ එම රටවල සිට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයින් පරීක්ෂා කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad