ඇඹිලිපිටිය නගරයේ මහඇලප්‍රදේශයේ දී පොලීසිය සහ පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (07) අලුයම ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි.
පොලිසිය පැමිණ මත්පැන් ඉල්ලූ බවත්, 'A.S.P. මහත්තයා' පපුවට පිස්තොලේ තබා තර්ජනය කළ බවත්, පැමිණ සිටි ඇතැම් නිලධාරීන් බීමත්ව සිටි බවත්, සාදය කඩාකප්පල් කළ බවත් නිවැසියන් මේ පිළිබදව විමසීමේ දී කියාසිටියේ ය.
පසුගිය හතරවනදා රාත්‍රියේ පොලීසිය සහ එම පිරිස ඇතිවූ ගැටුමින් පුද්ගලයින් හත්දෙනෙකු රෝහල් ගතකර තිබේ. ඒ අතර ඇඹිලිපිටිය මූලාස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලු පොලිස් නිලධාරීන් හතරදෙනෙකු ද වේ.
ගැටුම ඇතිවූ අවස්ථාවේදී මෙම මියගිය පුද්ගලයා ගොඩනැගිල්ලක දෙවන මහලේ සිට ඇදවැටීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රත්නපුර මූලික රෝහලට මාරුකර යවා තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයන් 06දෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:
Post a Comment