ගෙලකපා තරුණයෙකු ඝාතනය කළ පුද්ගලයා ඒ අසලම ගෙළ වැළලාගෙන (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

ගෙලකපා තරුණයෙකු ඝාතනය කළ පුද්ගලයා ඒ අසලම ගෙළ වැළලාගෙන (VIDEO)

මිද්දෙණිය කාරියමඩිත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කළ බවට සැක කෙරෙන තැනැත්තෙකු ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම ඝාතනය සහ සියදිවි නසාගැනීම අද (22) පෙරවරුවේ සිදුව ඇතැයි සඳහන් වේ. මරණයට පත්වී ඇති එක් පුද්ගලයෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ගෙලකපා ජීවිතක්ෂයට පත්කර ඇති බවත් අනෙක් පුද්ගලයා ඒ අසල ගසක ගෙල වැළලාගෙන මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇති එක් අයෙකු 30 හැවිරිදි වියෙහි පසුවන්නෙක් වන අතර අනෙක් තැනැත්තා 48 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ. ඊයේ (21) රාත්‍රීයේ පැවති සාදයකට සහභාගී වී යළි පැමිණෙමින් සිටිය දී ඝාතනයට ලක්කොට ඇති පුද්ගලයාගේ මළ සිරුර ඇති ස්ථානයට මීටර් 500 ක් පමණ දුරින් තිබී ගෙල වැළලාගෙන මියගිය පුද්ගලයාගේ සිරුර පොලීසිය විසින් සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය. ඝාතනය සහ ගෙළ වැළලා ගැනීමේ සිද්ධිය අතර සම්බන්ධයක් පවතී ද යන්න පිළිබඳව මිද්දෙණිය පොලීසිය විමර්ශණ කටයුතු මෙහෙයවයි.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad