වකුගඩු ජාවාරම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේදි උණුසුම් තත්ත්වයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

වකුගඩු ජාවාරම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේදි උණුසුම් තත්ත්වයක් (VIDEO)

වකුගඩු ජාවාරමක් ගැන ඉන්දියාවේ හින්දු පුවත්පත ඇතුළු එරට පුවත්පත් වලින් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනකුට එරෙහිව නඩු පවරා ඇතැයි කියන සිද්ධිය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා මහතා අද(22) කොළඹ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඔහුගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදියාට එම ප්‍රශ්නවලට කෙළින් පිළිතුරු නුදුන් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ චෝදනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසත් එවිට පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් සොයා ගත හැකි බවයි. එම මාධ්‍යවේදියා වෛද්‍යවරයකුගේ නමක් කොළ කැබැල්ලක ලියා එම වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ නමුත් ඔහු ඊට පිළිතුරු දුන්නේ නැත.

එම මාධ්‍යවේදියා දිගින් දිගටම ප්‍රශ්න කරද්දී මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ මඩ නොගසන ලෙසයි. එහෙත් මාධ්‍යවේදියා පැහැදිලිවම ඇසුවේ අර වෛද්‍යවරයා වෛද්‍ය සංගමයේ සාමාජිකයකු ද යන්නයි. ඊට පිළිතුරක් නොලැබිණි.

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad