භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ගෙන ඒමට නියමිත භික්ෂූ කථිකාවත් පනත සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.
එමගින් භික්ෂූන් වහන්සේට තහනම් කිරීමට යෝජනා කර ඇති කරුණු අතර රිය පැදවීමද ඇතුළත්. එවන් පරිසරයක් තුළ මේ පුවත සූර්ය බලයෙන් ධාවනය වන වාහනයක් නිපද වූ භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳවයි.
අද කතාබහට ගැනෙන මෙම ස්වාමීන් වහන්සේ ධර්මදේශකයෙකු සහ භාවනාව පිළිබඳ උපදේශකවරයෙකු ලෙස මෙරට බෞද්ධ ජනතාව අතර සම්භාවනාවට පාත‍්‍ර වී සිටිනවා.
ඒ පුජ්‍ය මඩවල උපාලි ස්වාමීන් වහන්සේ. මේ වන විට බණ්ඩාරවල කිතල්ඇල්ල රත්මන්කන්ද ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩවසන උන්වහන්සේ මෙම රථය නිපදවා ඇත්තේ සූර්ය බලයෙන් ධාවනය කළ හැකි අයුරින්.
මෙම නව නිර්මාණය පේට්න්ට් බලපත‍්‍රයක් ලබා ගැනීමටද ඉදිරිපත් කරන බවයි පූජ්‍ය මඩවල උපාලි ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ. මෙවැනි නිර්මාණ කාර්යයකට පෙළඹුණු ආකාරය පිළිබඳ උන්වහන්සේ අදහස් දැක්වූයේ මෙලෙසයි.
Friday, January 15, 2016
හිමිනමක් මෝටර් රථයක් නිපදවයි (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment