ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හා එජනිස හවුල්කාර පක්‍ෂ එකතුව අලුත් පක්‍ෂයක් පිහිටු වන නමුත් ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධ නොවන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා මධ්‍යස්‌ථව කටයුතු කරනු ඇති බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ගම්බද මහින්ද හිතවාදී ඡන්ද ලබා ගැනීමට හා ප්‍රාදේශීය මට්‌ටමේදී මහින්ද හිතවාදී මහජන නියෝජිතයින් පිරිසක් බිහි කර ගැනීම මෙම නව පක්‍ෂය බිහි කිරීමේ අරමුණ වී තිබෙන බවද හෙතෙම පැවසීය.
එවැන්නක් සිදු නොවුන හොත් මහින්ද හිතවාදීන් ජන්ද ප්‍රකාශ කිරීමෙන් වළකිනු ඇතැයිද එමගින් එජාපය ජයග්‍රහණය කිරීම වැළැක්‌විය නොහැකි බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

No comments:
Post a Comment