ලෝකයේ මෙතෙක් හමු වූ විශාලතම නිල් මැණික ශ්රී ලංකාවේ රත්නපුර දිස්ත්රික්කයෙන් හමු වී ඇත. කැරට් 1404.49ක් බර මෙහි වටිනාකම අමෙරිකන් ඩොලර් මිලියන 100 ද ඉක්මවන බව එය පරීක්ෂා කළ විදේශීය මැණික් විශේෂඥයෝ පවසති.
මේ විශාල නිල් මැණික 'ආදම් ගේ තාරකාව' යනුවෙන් නම් තබා ඇත.
2015 වසර අග දී රත්නපුර හා හැටන් අතර ප්රදේශයක දී හමු වූ මේ නිල් මැණිකේ වර්තමාන අයිතිකරු එය මිල දී ගෙන ඇත්තේ ද ඉතා විශාල මිලකට ය.
'මා මේ මැණික මිල දී ගත්තේ නොවටිනා විශාල මිලකට බව සමහරු කිව්වා. මා මෙය ගත්තාට වඩා අඩු මිලකට මට ගන්නට තිබුණා. එහෙත් මෙය මෙතරම් වටිනා එකක් කියා මා හිතුවේ නැහැ' යි ආදම්ගේ තාරකාව නව අයිතිකරු සඳහන් කරයි. මැණික විකිණූ පුද්ගලයාවත් තමාවත් මෙය ලෝකයේ විශාලම නිල් මැණික බව නොසිතූ බව වර්තමාන අයිතිකරු තවදුරටත් පැවසී ය.
කිසිවකුටත් මේ මැණික විකුණන්නට මේ මොහොතේ තමන් අදහස් නොකරන බව පැවැසූ මැණිකේ අයිතිකරු මුලින්ම එය ලොව මැණික්කරුවන්ට ප්රදර්ශනය කළ යුතු බව පවසයි. මේ නිල් මැණික 'ආදම්ගේ තාරකාව' යනුවෙන් හඳුන්වන්නට හේතුව පිළිබඳ විමසූ විට ඔහු පැවැසුවේ මුස්ලිම් විශ්වාසය අනුව ශුද්ධ වූ ආදම්තුමා තහනම් ගහේ ගෙඩි කෑ පසුව දෙවියන් විසින් ඔහු පිටත් කළේ ශ්රී ලංකාවට බවත් එතුමා ශ්රී පාදය අසල ජීවත් වූ බවත් ශ්රී පාදයට ආදම්ගේ පාදය යනුවෙන් මුස්ලිම්වරුන් හඳුන්වන්නේ ඒ නිසා බවත් ආදම්තුමාට ගරු කිරීම සඳහා තමා මෙයට ඒ නම තැබූ බවත් ය.
ඊළඟට විශාලතම නිල් මැණික ඇත්තේ ද ශ්රී ලංකාවේ ය. ඒ ගුරුගේ සහෝදරයන් සතුව ය. එහි බර කැරට් 1395කි.

No comments:
Post a Comment