ලෝක වෙළඳපලේ ඉන්ධන මිල උච්චාවචනයන්ට සාපේක්‍ෂව දේශීය වෙළඳපලේද මිල තීරණය වීම සඳහා සකසා ඇති මිල සූත‍්‍රයෙන්ද මිල අඩු නොවන බව තාල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.
ලෝක වෙළදපලේ බොරතෙල් බැරලය ඩොලර් 35 සීමාවේ පවතින අද වන විට දේශීය වෙළඳපලේ සංස්ථාවේ ලාභයද සහිතව බදු රහිතව පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 65ක් හා ඞීසල් ලීටරයක් රුපියල් 70 මිලටත් දිය හැකි යයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
එසේ වුවත් නව මිල සූත‍්‍රයෙන් වත්මන් පෙට‍්‍රල් ලීටරයක මිල වන 117 කිසිසේත්ම අඩු නොවන්නේ යයිද සඳහන්ය. පිරිපහදු කල තෙල් කොළඹ වරයාට නොමිලේ ගෙනැත් දුන්නද නව මිල සූත‍්‍රය අනුව මෙරට වෙළඳපලේ රුපියල් 100ට අඩුවෙන් පෙට‍්‍රල් ලීටරයක් ගත නොහැකි බවද සංසිථාවේ ඉහල පෙලේ නිලධාරියෙකු කියා සිටියේය.
නව රජය බලයට පත්වන්න පෙර වේදිකාවේ ප‍්‍රබලම සටන් පාඨයක් වූයේ බදු රහිතව ජනතාවට ඉන්ධන ලබා දෙන බවත් පංචවිධ ක‍්‍රියාවලිය හරහා සියල්ලන්ටම වාහනයක් ගැනීමට පහසුකම් සලසන බවත්ය.
ලෝකයේ දැන් තෙල් මිල මෙතනින්
Friday, January 1, 2016
අරුම පුදුම මිල සූත‍්‍රයක් එයි.. ලෝකයේ තෙල් නොමිලේ දුන්නත් මෙරට තෙල් මිල අඩු නොවෙයි…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment