එයාට එන්න කියනවා මං ළඟට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 7, 2016

එයාට එන්න කියනවා මං ළඟට

මේ දවස්වල බුලත් කොළ පාටියෙ ලොක්කො සමගි කරන්න කපුකමකට සැරසෙනවය කියන එක්තරා කටකාර ඇමැති සයිස් මහත්තයෙකුට රටේ හිටපු ලොකු තැන කතා කළා….

කතා කරල ඇහුවා…”ඔයා මේ සමගියක් ගැන කතා කරනවා. ඊළඟට අපිට බණිනව. මොනවද මේ කතා කියල.” හිටපු ලොකු තැනගෙ අනපේක්ෂිත ප්‍රශ්නෙන් අප්සෙට් ගිය ඇමැතිතුමා බොහොම විනීතව මෙහෙම උත්තර දුන්නලු….”මම බැන්නෙ නැහැ සර්… 

මම කිව්වෙ ශ්‍රී ලංකා එකේ ඉන්න හැබෑ ශ්‍රී ලංකා කාරයො සීයට අනූවක්ම ඉන්නෙ සර් එක්ක කියලයි….”  එතකොට දැන් ඉන්න නායකයට සෙනඟ නැද්ද? හිටපු ලොකු තැන තවත් අමාරු  ප්‍රශ්නයක් ඇහුවා. “නැත්තෙ මොකෝ ඉන්නව ඉන්නව සර්… හැබැයි උන්නැහේට සීයට ….ක් විතර ඉන්නව. 

ඒ අයගෙන් වැඩි පිරිස සුළු ජාතික ඡන්ද. ඉතින් සර් සර්ගෙ ශ්‍රී ලංකා ඡන්ද සීයට අනූවයි. අපේ ලොකු මහත්තයගෙ අර ගණනයි එකතු වුණාම අපි ඉබේම දිනනව සර්…. ඇමැතිගෙ මේ කතාවට හිටපු ලොකු තැනට හිනා ගියා. “ඇයි සර් හිනාවෙන්නෙ. මේක කොලොප්පමක් නෙවේ. අම්මප ඇත්ත මම කිව්වෙ…. ඇමැතිතුමා ආයෙම කිව්ව. ඊළඟට ආයෙත් හිටපු ලොකු තැන කතා කළා….

“ඉතින් හලෝ…. සීයට අනූවක් පාක්ෂිකයො ඉන්නෙ මම එක්ක නම් ඔය ඒ වගේ සපෝට් එකක් නැති නායකයන්ට කියනව මාත් එක්ක එන්න කියල… ඔයා කියන්නෙ සීයට අනූවක් ජනතා සහය තියෙන මට ගිහිල්ල අනිත් මිනිස්සුන්ට වඳින්න කියලද? හිටපු ලොක්කා ඇහුව. 
කපු ඇමැතිතුමා නිරුත්තර වුණා. හිටපු ලොකු තැන තමන්ගෙ දුරකතනය විසන්ධි කළා.

No comments:

Post a Comment

Post Bottom Ad