මෛත්‍රී පාලනයේ වර්ෂ පූර්ණ ජාතික උළෙල අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

මෛත්‍රී පාලනයේ වර්ෂ පූර්ණ ජාතික උළෙල අද

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ පළමු පදවි ප්‍රාප්ති සංවත්සරය සමරමින් සංවිධානය කර ඇති ''මෛත්‍රි පාලනයක් - ස්ථාවර රටක්'' වර්ෂ පූර්ණ ජාතික උත්සවය අද (08) පැවැත්වීමට නියමිතව ඇත. 

අද සවස 2.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම සැමරුම් උත්සවය පැවැත්වෙයි.

''එකම දැයක් - මහ බලයක්'' සාර සංග්‍රහය මෙම උළෙලේ දී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට නියමිත අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුබිනේ නන්දි මහතා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් තුමාගේ පණිවුඩය සභාවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

මෙහි ආරාධිත දේශනය ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ආණ්ඩුකාර හා ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධි මහතා විසින් පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad