අයවැය යෝජනාවලට අනුව අසාධාරණ අන්දමට බලපත්‍ර ගාස්තු සහ බදු ගෙවීමට සිදුවීම නිසා ස්වකීය ආයතනය ඇතුළු තවත් මත්පැන් නිෂ්පාදන ආයතන 25ක් වැසීයාමේ අවදානමට ලක්ව ඇති බව සීමාසහිත රොක්ලන්ඩ් ඩිස්ට්‍රිලර්ස් සමාගමේ අධ්‍යක්ෂ අචාර්ය රමල් විජේරත්න මහතා කියයි.සිය ආයතනය වසර 90කට වඩා පැරණි එකක් බවත්, මෙවැනි අසාධාරණ ආකාරයට බදු සහ බලපත්‍රගාස්තු කිසිදවසක වැඩිවී නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය. වාර්ෂිකව මිලියන 150ක් ගෙවීම කිසිම අයුරකින් කළ නොහැකි බවද ඔහු කියා සිටී. බොතල් කිරීමට එක බලපත්‍රයක්ද, ස්කාගාරයට තවත් බලපත්‍රයක්ද ගැනීමට සිදුව ඇති බවද රමල් මහතා පැවසීය.
එසේම මධ්‍යසාර බදු 30%කින් වැඩි කර ඇති බවත්, දැනට මත්පැන් ආදායමින් 60%කටත් වැඩි ප්‍රමාණයක් රජය බදු ලෙස අයකරගන්නා බවත් ඔහු සඳහන් කළේය. අදාල බලපත්‍ර වලට ගෙවීමට සිදුවන්නේ ඉතිරිවන 40%න් බවද ඔහු පෙන්වා දුන්නේය. සිය ආයතනයේ සේවකයන් 400ක් පමණ සිටින බවත්, ඉන් ඔවුන්ගේ පවුල්වල 2000ක් පමණ යැපෙනබවද ඔහු කියා සිටී.
මහා භාණ්ඩාගාරය මුදල් අමාත්‍යංශය සාකච්ඡා දෙන්නෙ නැහැ. මත්පැන් නිෂ්පාදන ආයතන මේ සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීමට මහා භාණ්ඩාගාරය හා මුදල් අමාත්‍යංශයෙන් සාකච්ඡා ඉල්ලා ඇතත් තවමත් ඊට අවසස්ථාව ලබාදී නොමැති බවද ඒ මහතා පවසයි. එසේම මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ඇති බවත් එහි තීන්දුව ලබන 17 වැනිදා ප්‍රකාශවීමට නියමිත බවද රමල් මහතා පැවසීය.
No comments:
Post a Comment