කරාබු නැටි වල අඩංගු ප්රතිබැක්ටීරියා කාරක ගුණය සහ ප්‍රදාහය කියන තත්වය සමනය කරන ගුණය හේතුවෙන් ස්වභාවයෙන්ම වේදනාව සමනය වීමක් සිදු වෙනවා. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන දත සමීපයේ කරාබු නැටි තෙල් හා පොල් තෙල් මිශ්‍ර සමානව මිශ්‍ර කරලා කපු පුළුන් කැල්ලකට පොගවා ගෙන වේදනාව දෙන දත අසල රදවා තැබීම පමණයි. විනාඩි කිහිපයක් තුල දත් කැක්කුම අතුරුදහන් වෙලා යාවි.
කරාබු නැටි තෙල් හොයා ගන්න අමාරු නම් කරාබු නැටි කිහිපයක් වේදනාව දැනෙන දතෙන් හප හප හිටියත් දත් කැක්කුමට ඔබට ඉක් මනින් සහනයක් ලැබේවි.
අයිස් කැට
අයිස් කැට කියන්නේ දත් කැක්කුම සදහා භාවිතා කල හැකි ඉක්මන් සහ පහසුම ප්‍රතිකාරයක්. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන ස්ථානයේ අයිස් කැට කිහිපයක් තැබීම පමණයි. වේදනාවන් හා සම්බන්ධ ස්නායුන් අවහිර කිරීමක් අයිස් විසින් සිදු කරන නිසා ඉතාමත්ම සුළු වෙලාවකින් වේදනාව සමනය වෙනවා. අයිස් කැට කෙලින්ම මුව තුල රදවා තබා ගැනීමට අපහසුනම් අයිස් කැට කිහිපයක් සිහින් රෙදි කඩක ඔතා කම්මුල් ප්‍රදේශයේ සෙමින් අතුල්ලන්න. මෙලෙස තුන් හතර පාරක් කරන විට වේදනාව සමනය වී යන ආකාරය පිලිබදව ඔබ පුදුමයට පත්වේවි.
දෙහි
දෙහි වල බහුලව අඩංගු වෙන දේවල් තමයි සිට්රික් අම්ලය සහ විටමින් සී කියන පෝෂණ සන්ගටකය. දත් වලට සහ විදුරුමහට සහනයක් ලබා දෙන ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරන්න මේ දෙකටම ගොඩක් ලොකු හැකියාවක් තියෙනවා. වේදනාව සදහා සහනය ලබා ගැනීමට ඔබ කලයුතු වෙන්නේ දෙහි කැබැල්ලක් ගෙන වේදනාව දැනෙන ස්ථානයේ ඇතිල්ලීම පමණයි. අවශ්‍ය නම් මිරිකාගත් දෙහි යුෂ පුලුන් කූරක තවරා වේදනාව දැනෙන ප්‍රදේශයේ අතිල්ලීමක්ද සිදු කරගැනීමට හැකියාව තිඛෙනවා. දත් වේදනාව සමනය කරගැනීම සදහා මෙම ප්‍රතිකාරයද ඉතාමත්ම සාර්ථක එකක් බව හොදින් මතක තබා ගන්න.
ඉඟරු
මිලාධික නොවෙන ඒවගේම පහසුවෙන්ම සෝයා ගැනීමට හැකියාව තිඛෙන නිසා ඉඟරු නිවසක නොමැති වෙන්නේ ඉතාමත්ම කාලාතුරකින් පමණයි. දත් කැක්කුමකින් වේදනා විදින විට ඉඟරු කැබැල්ලක පොත්ත ඉවත් කොට මුව තුල රුවා ගෙන සැපීමෙන් ඉක්මන් සහනයක් ලබා ගැනීමට හැකියාව තිඛෙනවා. ඉඟරු වල ඇති සැර ගතිය හේතුවෙන් පලමුව යම් අපහසු තාවයක් දැනුනත් මද වෙලාවක් ගිය පසුව හිරි වැටී ඇති බවක් සහ වේදනාව සදහා සහනයක් ලැඛෙනවා ඇති. තවද ඉක්මන් සහනයක් ලබා ගැනීමට ඉඟරු කැබැල්ලක් තලාගෙන එම තලපය වේදනාව දැනෙන දත මත තවරා ගන්න.
ළුණු
ළුණු කියන්නේ හොද විෂබීජ නාශක ගුණයක් සහ ප්‍රතිජීවක ගුණයක් තියෙන ආහාරයක්. මේ නිසා දත් කැක්කුම මගින් දැනෙන වේදනාව සමනය කරගැනීම සදහා ළුණු භාවිතා කරන්නට හැකියාව තිඛෙනවා. ළුණු ගෙඩියක් සැපීම මගින් හෝ වේදනාව දැනෙන ස්ථානයේ ළුණු පෙත්තක් තබාගැනීමෙන් වේදනාව සදහා සහනයක් ලබා ගන්නට පුළුවන්. අමු ළුණු ගෙඩියක් සැපීමේදී විෂබීජයන් විනාශයට පත් වීම නිසා දත දිරාපත් වීමද වලක්වා ගැනීමට හැකියාව තිඛෙනවා.

No comments:
Post a Comment