එයාලාගේ තානාපතිකම් මට නම් එපා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 3, 2015

එයාලාගේ තානාපතිකම් මට නම් එපා

3030

ත්‍රිවිධ හමුදාවෙන් එක හමුදාවක හිටපු ලොක්කෙක් විශ්‍රාම ගන්නකොට උන්නැහේට ආසියාවේ ප්‍රබල රටක මහ කොමසාරිස් කමක් ආණ්ඩුව දුන්නා…..

මේ පට්ටම දුන්නට මොකද උන්නැහේ ඒක භාරගන්න ඒ රටට ගියේ නැහැ… වාර ගණනාවක්ම ඒක භාරගන්න ආරාධනා කළත් මේ හමුදා ප්‍රධානියා ඒ තනතුර ගන්නෙ නැතුව මේ රටේ තියෙන පෞද්ගලික සමාගමක ලොකු පදවියක් තෝරගත්ත….

තානාපතිකම්වලට කස්ටිය පොරකන හැටියට මේක ටිකක් අමුතු වැඩක්….

ඒ නිසා උන්නැහේගෙ හොඳ මිතුරෙක් එයාගත්ත මේ අමුතු තීරණය ගැන ප්‍රශ්න කළා…

ඒකට උන්නැහේ දුන්න උත්තරේ මෙහෙමයි.

අපි හුඟක් කල් රට බේරගන්න සටන් කළා…. ඒව ඉවර කරලා විශ්‍රාම ගත්තම සිද්ධ වුණේ එක එක තැන්වලට වගඋත්තර කියන්නයි…. ඉතින් තානාපතිකම් කළත් අපිට ඉස්සරහට සිද්ධවෙන්නෙ ඕකම වෙන්න පුළුවනි. ඒ හින්ද මම ඔය පට්ටම නොගෙන නිවීහැනහිල්ලෙ ඉන්න තීන්දු කළා….

හමුදා ප්‍රධානියා තමන්ගේ තීන්දුව ප්‍රකාශ කළා.

The post එයාලාගේ තානාපතිකම් මට නම් එපා appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad