‘හැරී පොටර්’ රහසක් හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 29, 2015

‘හැරී පොටර්’ රහසක් හෙළි කරයි

0202

ඩැනියල් රැඩ්ක්ලිෆ් තම ජීවිතයේ එක්තරා රහසක් පසුගිය දා හෙළි කළා. ඔහු පැවසුවේ සුප්‍රකට ‘හැරී පොටර්’ චිත්‍රපට මාලාවේ රඟපෑමෙන් පසුව තමන් මත්පැන්වලට ඇබ්බැහි වී සිටිය බවයි.

“මම ඒ දවස්වල හිටියේ තනිවමයි. ඉතින් මම ගොඩක් බිව්වා.” 26 වියැති ඩැනියල් පැවසුවා. ඔහු තවදුරටත් කියා සිටියේ ජේ. කේ. රෝලින්ස් නිර්මාණය කළ ඒ මායාකාර බලයක් හිමි අපූර්වතම පිරිමි ළමයාගේ චරිතයට ආරූඪ වී සිටි නිසා තමන්ට පියවි ලෝකයට මුහුණ දෙන්නට අපහසු වූ බවයි.

“මම මත්පැන්වලින් මිදෙන්න හිතෙන් අරගල කළා. මම හිතුවා සාමාන්‍ය ජීවිතයට එකතු වෙන්න බැරි වේවිය කියලා. පස්සෙ මට හිතුණා, ‘නෑ. මට පුළුවන් සාමාන්‍ය ජීවිතයට එකතුවෙන්න’ කියලා.”

ඩැනියල් වසර 10කටත් වැඩි කාලයක් තිස්සේ හැරී පොටර්ගේ චරිතය සමඟ බද්ධ වී සිටියා. කෙසේ වෙතත් දැන් ඔහු හැරී පොටර් නොවෙයි. ඩැනියල් රැඩ්ක්ලිෆ්.

The post ‘හැරී පොටර්’ රහසක් හෙළි කරයි appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad