තහනම් කල චිත‍්‍රපටයේ කොටස් අන්තර්ජාලයට (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 8, 2015

තහනම් කල චිත‍්‍රපටයේ කොටස් අන්තර්ජාලයට (Video)

3030

ප්‍රීති ගුප්තා ඉන්දීය ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය ව සිටින්නේ ටෙලි නාට්‍ය නිළියක් හැටියටයි. ‘ස්ටාර් ප්ලස්’ චන්ද්‍රිකා රූපවාහිනී නාළිකාවෙන් විකාශය කෙරෙන ඇය රඟපෑ ‘කහානි සාර් සාර් කි’ නම් වූ ඒක්තා කපූර් අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යය වඩාත් ම ජනප්‍රිය යි.

බොලිවුඩ්පුරයට නවක තරුවක් වන ප්‍රීති ගුප්තා, මේරෙ හෞව්ලෙ දෝස්ත්’ චිත්‍රපටයේ රඟපා තිබෙනවා. ඉන්පසුව ඇගේ රැඟුම් ඇතුළත් වුණේ ‘අන්ෆ්‍රීඩම්’ චිත්‍රපටයේ යි. රාජ් අමිත් කුමාර් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය පසුගිය මැයි මාසයේ උතුරු ඇමරිකාවේ සිනමාහල්වල තිරගත කෙරුණා.

ඒ වුණත් මෙය ඉන්දියාවේ තිරගත කිරීමට අවසර දී නැහැ. ‘අන්ෆ්‍රීඩම්’ චිත්‍රපටයේ ඇතුළත් වන ‘තදබල’ ලිංගික ජවනිකා හේතුවෙන් මෙය ඉන්දියාවේ තිරගත කිරීමට අවසර නොදීමට රැඟුම් පාලක මණ්ඩලය තීරණය කරලා. ඒ අවසරය නොලැබුණේ චිත්‍රපට‍යේ ඇතුළත් වන ලිංගික ජවනිකා කපා දමන්නැයි අධ්‍යක්ෂවරයාට පාලක මණ්ඩලය කළ දැනුම් දීම නොතකා හැරිය නිසයි. අධ්‍යක්ෂ රාජ් අමිත් කුමාර් ට අවශ්‍ය වී තිබුණේ ‘අන්ෆ්‍රීඩම්’ චිත්‍රපටය වාරණයෙකින් තොරව ඉන්දියාව තුළ ප්‍රදර්ශනය කරන්නයි. ඒත් ඔහුට ඊට ඉඩ ලැබී නැහැ.

කෙසේ වෙතත් රැඟුම් පාලක මණ්ඩලයේ ‘උදහසට’ ලක්වූ ‘අන්ෆ්‍රීඩම්’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් ම අන්තර් ජාලයට මුසුවෙලා.

මේ නිසා ඉන්දියාවේ විවිධ පාර්ශ්ව අතර දැඩි ආන්දෝලනයක් ඇතිවෙලා. මේ දර්ශනවල රඟපා ඇත්තේ ප්‍රීති ගුප්තායි. ඇයට තමයි, දැන් කාගෙ කාගේත් ඇණුම් බැණුම්වලට මුහුණ දෙන්නට සිදුවී ඇත්තේ. මේ හේතුවෙන් ප්‍රීති ගුප්තා මේ දිනවල පසුවන්නේ දැඩි කණස්සල්ලෙන්. ඇය පවසන්නේ ‘අන්ෆ්‍රීඩම්’ චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ වැඩිහිටි ප්‍රේක්ෂකයන්ට පමණක් බවයි. “මේ චිත්‍රපටයෙන් යම් කිසි පණිවුඩයක් ගේනවා. ඒක අවබෝධ කර ගන්නා බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට පුළුවනි. චිත්‍රපට නරඹලා තීරණයක් ගන්න ඔවුන්ට බැරිද? මේ චිත්‍රපටය තහනම් කිරීම තේරුමක් නැති වැඩක්.” ප්‍රීති මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා.

 එම චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක පටය පහතින්…

large_s6GBIDooLfYmlgpsW9XpTABwxoS hqdefault unnamed OPJ7P

The post තහනම් කල චිත‍්‍රපටයේ කොටස් අන්තර්ජාලයට (Video) appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad