කරීනාගේ කටහඩ හොරු අරන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 4, 2015

කරීනාගේ කටහඩ හොරු අරන්

5050

කරීනා කපූර් ඛාන් කාටදෝ කෑගසමින් කතා කළ නිසා ඇගේ කටහඬ නෑසී ගිය ආරංචියක් බොලිවුඩ්පුරයෙන් ලැබුණා. මේ ගැන සෝදිසි කරද්දී දැන ගන්න ලැබුණේ ඇය අර්ජුන් කපූර්ට කෑ ගසා ඇති බවයි. හැබැයි ඇත්තට ම නොවෙයි ඇය අර්ජුන්ට මහ හඬින් කතා කර ඇත්තේ චිත්‍රපට දර්ශන කිහිපයක රඟපාද්දියි.

මේ චිත්‍රපටයේ නම ‘කි ඇන්ඩ් කා’. මෙහි ඇතුළත් වන එක්තරා දර්ශනයක කරීනා, අර්ජුන්ට හඬ නගා කතා කිරිමක් සිදුවුණා. දර්ශනය රූගත කරද්දී කරීනාට කිහිපවතාවක් ම කෑ ගසන්නට සිදුවුණා. එය සුළු පටු කෑගැසීමක් නොවෙයි. ඒ හේතුවෙන් ඇගේ උගුරේ ස්වර තන්තුවලට හානි සිදුවෙලා. ඇයට කතා කරන්නට අවශ්‍ය වුණත් හඬ පිටවී නැහැ. දර්ශන තලයේ සිටි අයෙකු ඒ මොහොතේ ඇයට ඉක්මනින් ම උණු වතුර වීදුරුවක් ගෙනත් දුන්නේ උණු වතුරෙන් උගුර සෝදා හරින ලෙස උපදෙස් දෙමින්. කරීනාත් ඒ උපදෙස් පිළිපැද්දා. ඒත් කටහඬ පිටවුණේ නැහැ. ඇයට අත් බෙහෙත් වලින් පලක් නොවන බව වටහා ගත් අධ්‍යක්ෂවරයා, වහාම වෛද්‍යවරයෙකුට ඇමතුමක් ලබා දී ඔහුව දර්ශන තලයට ගෙන්වා ගත්තා. ටික වේලාවකින් එම ස්ථානයට පැමිණි වෛද්‍යවරයා කරීනාව පරීක්ෂා කර බලා ඇයට එන්නතක් ලබා දුන්නා.

විනාඩි කිහිපයක් ගත වෙද්දී කරීනාට සුවය ලැබුණා. ඇයට හොඳින් කතා කරන්නට හැකිවුණා. තවත් විනාඩි කිහිපයකින් පසුව ඇය රූගත කිරීම් වලට එක්වුණා. ‘කි ඇන්ඩ් කා’ නම් වූ මේ චිත්‍රපටය රූගත කරද්දී කරීනාට විවේකයක් තිබුණේ ම නැති තරම්. ඇය දිනපතා ම උදෑසන 7 ට පමණ නිවෙසින් පිටත්වී රූගත කිරීම්වලට එක්වී නැවතත් නිවෙසට පැමිණ ඇත්තේ මධ්‍යම රාත්‍රියේදීයි. මේ වෙහෙසකර කාර්යය නොකඩවා දින 14ක්ම කරන්නට ඇයට සිදුවුණා.

 

The post කරීනාගේ කටහඩ හොරු අරන් appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad